Tuesday, March 24, 2015

REVOLUTION 2020


වාරාණසි නුවර
දැල්වේවී පහන් දහස් දස දහස් ගනන්
හෙටත් අනිද්දාත්
ඒත් ඒ පහන් පරදීවී
එළියට උඹේ හදවතේ
ගෝපාල් මිශ්‍රා....


රතු රිබන් පටිය පැළඳ ආ
5-C පන්තියේ
ආරතී ප්‍රතාප්
වෙනස්කලේ නෑ උඹේ ජීවිතේ
වෙනස්කලේ උඹමයි
උඹේ හිත ඇතුලේ හිටපු
ප්‍රේමයේ දේව දූතයමයි
ගෝපාල් මිශ්‍රා....


මුදලාළි කෙනෙක් විකුණන අනාගතය
උඹ වගේම අරමුණක් නැති තව අයට
ෂුක්ලා ජී ගේ සුරතලා....
තව නම් ගොඩක් කියාවි උඹට
ඒත් ඒ එකෙක්වත්
දකින්නේ නැතිවේවි
මිත්‍රත්වයේ,ආදරයේ,හෘද සාක්ෂියේ දේව දූතයා
උඹේ හිත ඇතුලේ උන්....


රාගව් තමයි මිනිහා
වාරාණසියට පමණක් නොව ඉංදියාවටම
සටන්කරනා අයුක්තියට එරෙහිව
කවදා වීරයෙක් වෙයිද උඹ....
රොශිනි,පූජා සමගින්
මවා පා ත්‍රි'සම් නාටකය
බිඳ දමා ආදරය ඇගෙ සිතේ
රාග
ව්ට සාධාරණයක් කල නුඹව....















Revolution 2020-chetan bhagat
                            චේතන් බගත්

සිංහල පරිවර්තනය- දෙන්නා දෙපැත්තේ ආරති මැද්දේ
                                               දිලීප ජයකොඩි

14 comments:

  1. තේරුණා මදි වගේ බං මේක නම්..

    ReplyDelete
  2. මේ නම් ගැන අහලා තියෙනවා වගේ මතකයි බන් ,කතාව ටිකක් මතක් කරහන්කෝ......ලස්සනයි

    ReplyDelete
    Replies
    1. අඩේ මන් කමෙන්ටුව දානකොට අර යට කොටස තිබ්බෙ නෑනේ එල එල
      ජය

      Delete
  3. පට්ට ස්ටෝරිය ඈ
    මේක විතරක් නෙවී මෙයාගෙ ඔක්කම පට්ට...
    හැබැයි දිලිප ගොයිය කරන වැඩේ හොද වුණාට කරන විදිය හොද නෑ මොකද කවදාවත් මිනිහ මුල් පොතේ කතෘගෙන් අවසර ඇරං පරිවර්තනය කරන්නෙ නෑ

    ReplyDelete
  4. කවියක් කියල තේරුණා මිසක් මෙලෝ මලදානයක් තේරුණේ නෑ.. හැබෑටම මං මන්ද බුද්දිකයි බං. ටිකක් වෙලා හිටිය තේරුණ එකෙක් වත් මොකක් හරි කියයි කියල. එහෙමත් නෑ තාම.

    ReplyDelete
  5. //රොශිනි,පූජා සමගින්
    මවා පා ත්‍රි'සම් නාටකය// :p
    දෙන්න දෙපැත්තේ ආරති මැද්දේ මං එහෙ මෙහෙ.. අහල තිබුණට කියවල නැ බං.. ඉතිං කෝමෙයි තෙරෙන්නේ? ඔය උඩ වැට ගහපු ටික විතරක්නම් තේරුණා...හැක් හැක්..

    ReplyDelete
  6. මාත් කියවලා නෑ.. බලන්න ඕනේ පොත හොයා ගන්න පුළුවන්ද කියලා.

    ReplyDelete
  7. මේක පොතක් වගේ මතකයි. කොහේ හරි පොත් ප්‍රදර්ශනයකදි දැකල අතපත ගෑවා. ගන්න හිතුනෙ නෑ. ඒ කතාවෙන් ඔබට හැඟි දේද මේ?

    ReplyDelete
  8. කතාව තෙරෙනවා. මේ නං වලින් ගේන සංඥා ගැන මම නොදනී

    ReplyDelete
  9. එක් පුද්ගලයෙක් වටා ගෙතුණු කතාවක් වගේ

    ReplyDelete
  10. කියවල නම් නෑ කටුසු.... පද ටික නම් ලස්සනයි..

    ReplyDelete
  11. අලුත් එකක් වගේ..... භගත් සිංග් ගෙන් පස්සේ භගත් කෙනෙක් ගැන ඇහුවමයි...

    ReplyDelete
  12. මේ පෝස්ට් එක එච්චර ගැලපෙන්නේ නැති එකද්ද කොහේද.මම මේක දැම්මේ මේ පොත කියවලා හිතේ ඇතිවුන හැඟීම නිසා.චේතන් බගත් කියන්නේ එච්චර සීරියස් කතා ලියන ඩයල් එකක් නෙමෙයි.කොටින්ම කිවුවොත් "ත්‍රී ඉඩියට්ස්" චිත්‍රපටයට පාදක වුන නවකතාව,"2 ස්ටේට්ස්" චිත්‍රපටයට පාදකවුන නවකතාව ලිවුවෙත් චේතන්.අද ඉංදියාවේ ජනප්‍රියම කතුවරායා කිවුවොත් වැරදි නෑ.ඔහු ඔහුගේ පොත්වලින් ඉංදියාවේ තියන කුහක ලිංගිකත්වය,අධ්‍යාපන කඩ,තාරුන්‍ය ගැන බය නැතිව කතාකරනවා.මේ පොතෙනුත් ඔහු දේශපාලන වංචා සහ පෞද්ගලිකකරනය වුන ඉංදියාවේ අධ්‍යාපන මාෆියාව ගැනත් හෙළිකරනවා.ඒ ඔක්කොටම වඩා පාදඩයෙක් කියලා හදුන්වන්න පුළුවන් මිනිහෙක්ගේ අවංකත්වය ගැන කතා කරනවා.
    චේතන්ගේ පොත් ගොඩක් දිලීප ජයකොඩි පරිවර්තනය කරලා තියනවා.වැදගත්ම දේ තමයි ඔහු එම පරිවර්ථන සදහා බොහෝ දුරට චේතන් භාවිතා කරන භාශාවම පාවිච්චි කිරීම.ඒ නිසා බොහෝ දුරට ඉංග්‍රීසියෙන් කියෙවුවත් සිංහළෙන් කියෙවුවත් එකම රසය විදින්න පුළුවන්.(මටනම් ඉතින් ඉංග්‍රීසි වතුර වගේ නිසා කියවන්නෙම සිංහළ එක තමයි ).
    මට සමාවියල්ලා කියවන අයට ග්‍රීක් වගේ ලිපියක් පෝස්ට් කලාට.
    ජය වේවා.....

    ReplyDelete