Sunday, December 27, 2020

හිනා අමතකව ගිය මට හීනයක්ද තාමත් ඔබ....

 

තරු වැරූ අහසක්‍ ය
අමාවක අඳුරක් ය
කලක මෙහි තිබු සඳත් නෙක තරු
අහස හා අමනාපයක් ය

සඳ මඩල ශේෂයන් 
මවන නෙතු මිරිගුවකි
දකුණු කුරුසියේ හොවා
ඇන ගැසූ හදවතකි
තරඟයට නිමි නිමී
සුවසෙවූ තරු නොමැති
අහස මැද මොනවාට
මවනවද අකුණු එළි

වැහි බිංදු වැටෙද්දිත්
පොළව දෙස බලාගන
ලෙංගතුම සැමරුමක 
මතකයන් දරාගන
ලඟ නොයිඳ ලඟ රැඳුන
හුස්ම පොද දරාගන
වරෙන් අපි පියාඹමු
තරු රටා හොයාගන

ඉස්සරත් මහ ගොඩක් තරු රටා තිබුනාට
මම බැලුවේ උඹෙ නෙතයි මගෙ පාර අවුලුවන


කටුස්සා....

1 comment: