Sunday, October 2, 2016

ඒ ඇති මට මගේ නෙත් යුග පියෙන තුරා ......





කළු වලාවෙන් වැසුන සඳවත
සිනා සෙද්දී නෙතු කොනින්
බොහෝ දුර ඇති වියලි පොලවක
මල් පිපෙන යුරු සැක සිතින්
යොමා සඳවත සැලෙන නෙතු පිය
බලා සිටියත් හිස්කමින්
කුමට තව තව හෙලනු සඳරැස
පොළව අසරණ වන ලෙසින්  

නගන කග පත දැවෙන එළියට
අන්ධ වන නෙතු යුග වසන්
උරුම නැති හෙට මවනු සිහිනය
සිත්කොනක ලොවටත් හොරෙන්
තුරුළු කරගන දිලෙන සඳවත
අකීකරු සිත තද කරන්
කුමක් කරමුද දුටුව විට ලොව
සඳ අහිංසක වැඩි බැවින්

එළිය පමණක් අයිති පොළවට
සඳක් උහුලනු බැරි සොවින්
කඳුළු නැගුනා පොළව නෙතු මත
සිහිව සඳ දුන් මතකයන්
ලංවෙනා බැරි ඈත දුර සිට
දිලෙන සඳ නොදකින ලෙසින්
තදකරන් හිත යොමමි නෙතු නුබ
දිලෙන තරු හිනහෙන බැවි

15 comments:

  1. මාරි කාලා පන ඇවිල්ලා.. හැක්

    කවිවෑල්ඩිංචියර්ස්

    ReplyDelete
    Replies
    1. පන ඇවිල්ලා කියල කියනව කොහොමද දන්නැ

      Delete
  2. ලස්සන, දැනෙන නිර්මාණයක් කටුසු.

    සහස් වර මා මතකෙ රැව්දෙන හැඟුම්බර ඒ සිහිනයන්
    අහස් කුස මත දෙනෙත හඬවයි අතීතෙක පිපි සුවඳකින්
    රහස් කුමටද නුඹේ ප්‍රේමෙන් මත්වුවත් ඈතක ඉඳන්
    දහස් වර මට සමාවුව මැන ළඟින් ඉන්නට බැරිකමින්.......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. වරද මිස මා සිතද නොඅසන බැවින පිළිතුර නොම අසන්
      සරද ලෙස ඔබ ගතින දුරකට ගියද මෙනුවර කිම සොවෙන්
      කිරද ජලයෙනි පෙරන රිසියෙන හිඳිමි නුඹ වෙනතක නොයන්
      කිමද නොහැඟෙන එවන් දුක්ගී අසන දෙසවන පියනුවන්

      LM

      Delete
  3. ම්හ්...හරි මදි. කාන්තාර රස්නෙට කවි සිත වේලිලා වගේ.

    ReplyDelete
  4. තේරුනා...යම් තාක් දුරට වගේ..හැක්...100%ක් තේරුනා කියලා බොරු කියන්නෙ මක්කටෙයි...ඉතිරිය තේරුම් ගන්න shot එකක් දාන්නම වෙන හැඩයි...💫

    ReplyDelete
  5. කන කැස්බෑව විය සිදුරෙන් හඳ දැක්ක වගේලු කටුස්සෙක් මාරි කෑවම. හැක්..

    ReplyDelete
  6. හිතාගෙන ඇති මහ ලොකු කවිකාරය කියල කැරි පොන්නයා

    ReplyDelete
    Replies
    1. ඇද්ද කටුස්සෝ තොට ... හූ හූ හූ ......

      Delete
  7. දැට්ස් මාරි කවි....හැක් හැක්...මරු කටුසු

    ReplyDelete
  8. "කළු වලාවෙන් වැසුන සඳවත
    සිනා සෙද්දී නෙතු කොනින්
    බොහෝ දුර ඇති වියලි පොලවක
    මල් පිපෙන යුරු සැක සිතින්"

    කටුසු ඒ වචන ටික හිතට වැදුණා . වියලුණු පොළෙවෙත් මල් පිපුණා . ඒත් සැක සිතින් . නොපිපුණානම්.... මට කියන්න සඳ වැරදිද?

    හරිම සුන්දරයි . සුපිරියි . හදවත පත්ලටම දැනුණු නිර්මාණයක් .

    ReplyDelete
  9. අහෝ සඳ.. නුඹට ඇහෙනවද කියන මේ කවි..

    ReplyDelete
  10. කවි ටික හොඳයි කටුසු ඒත් පින්තුරේ තේරෙන්නේ නැහැ. එයා එච්චරම දරුණු වුනාද

    ReplyDelete
  11. //දිලෙන තරු මැද එලිය සඳවත
    පෙනෙයි නුබ ගැබ බැබලෙමින්...
    නුඹ කෙලෙස තරු දෙස බලන්නේ
    සඳ එලිය නුඹ ලග බැවින්..//

    ලස්සනයි කටුස්සෝ... සෑහෙන දවසකින් මේ පැත්තට ආවේ..

    ReplyDelete