Monday, December 21, 2015

බයිසිකලේ....


"කොහේද ගල් හෝතම්බුවෝ යන්නේ.....?තෝ හිතුවාද මගේ කකුල් දෙක ලංගම එකට අයිතියි කියලා...?"
"ලබ්බක් කියනවා....තෝගේ කකුල් දෙක ගහගනින් ඕන රෙද්දක....ඉක්මනට වරෙන් පහළට යන්න....සජිය කතාකරල කිවුවා ඉක්මනට පහළට එන්න කියල...."
"ඇයි ඌ ආයිමත් ජම්බුගහෙන් වැටිලද...?"
"ආයිමත් වැටෙන්න ඌ කලින් වැටිල තියෙන්න එපැයි....ඕකා ජම්බුගහෙන් වැටෙනකම් බලන් හිටියොත් අපේ ආච්චිත් ආපහු කාසල් එකට යන්න කතාකරයි සීයට යකඩ පෙතියි ෆෝලික් ඇසිඩුයි ගන්න....ඉක්මනට වරෙන්කෝ බන්..."
"ආච්චි එහෙට ගියාට සීයට එහෙම හැකියාවක් තියේවිද බං...?දිව්‍ය ලෝකෙට යනවද අපායට යනවද කියලා 10-20 ගැන ගැනනේ පොර ඉන්නේ මේ දවස්වල..."
"අනේ ඒ බොරුවටනේ බං...මිනිහා හෙන විහිළුකාරයානේ ඒ දවසල ඉඳලා....ඔය පණ අදිනවා වගේ ඉන්නේ අපිව රවට්ටන්න බං....මේ අවුරුද්දට විතරක් පොර පණ අදිනවා කියලා අපේ ගෙදර 3න් පාරක් පේන්ට් කරලා ටයිල් අල්ලපු නැති ටිකටත් ටයිල් ඇල්ළුවා..."
"ඒ මොකටද බං සීය පණ අදිනකොට ගේ පේන්ට් කරන්නේ....?තීන්ත සුවඳට පොර පණ ගහනවද...?"
"නෑ බං....මළ ගෙදරට පොඩි අක්කගෙයි ලොකු අක්කගෙයි ඔෆිස් එකෙන් කට්ටිය එන නිසා ගෙවල් දොරවල් ටිකක් පොශ් එකට තියෙන්න ඕනෙනේ...ඒකයි...වෙන එකක් තියා ආච්චිටත් ගවුම් දෙකක් මහගන ආවා කට්ටිය එන දවසට අදින්න"
"අනේ වාසනාවන් මේවගේ මිණිපිරියෝ...ජාති ජාතිත් පතන්න ඕනේ.....උබලෑ ආච්චි කවද්ද බං ගවුම් ඇන්දේ....?මම දන්න කාලේ ඉදන් එයා ඇන්දේ රෙද්ද හැට්ටෙනේ...."
"මගුල තමයි....ඒ ඉස්සර සිසිලින් නෝනා...දැන් එයා සිසී රණවීර.ඊයේ මට කියලා වීට් එකකුත් ගෙන්න ගත්තා අර ගවුම් ඇන්දහම කකුලේ මයිල් පේනවා කියල....ඔය කට වහගනින් යකෝ....ආපෝ ඒකේ කැත....අර හක්කේ 3වෙනි දතත් පණුවෝ කාලා."
"මගේ දත පණුවෙක් හරි කනවා...තොගේ දත අඩුමගානේ හැකරැල්ලෙක්වත් කනවද...?දවසට දෙපාරක් දත් මැදපන් ෆ්ලෝරයිඩ් තියන ටූත් පේස්ට් එකකින්....බලපන් තොගේ කටේ අපිරිසිදුකමට පනුවෙකුටවත් ඕකේ ජීවත් වෙන්න බෑනේ...."
"මම උඹට කියන්නේ නෑ.....මේ අරූ ආපහු කතාකරනවා බං....වරෙන්කෝ යන්න....."
"උගේ තාත්තා ඇමතිද යකෝ ඌ කතාකරනකොට අපි දුවගන යන්න....ඌට ඕනෙනම් මෙහාට එන්න කියපන් අපිව හම්බ වෙන්න...දැන් සර්ත් එයි බං"
"අපිට බඩුවක් පෙන්නන්න ඕනේ කියල බං ඔය කතාකරන්නේ...ඕකා අද ඉස්කෝලේ ආවෙත් නෑනේ.කවුද දන්නේ මොකක් හරි ලොකූ බඩුවක් ගෙනත්ද කියලා අපි තුන් දෙනාටම... වරෙන්කෝ යන්න බඩුව බලල එන්න...."
"අනේ ඌ ගේන ලොකු බඩු....ඕකා කවද්ද බන් සීනි බනිස් එකකට වඩා ලොකු බඩුවක් ගෙනාවේ අපිටත් එක්ක කියලා...දැනුත් ගෙනල්ලා ඇති ලොකූ...බිබික්කමක් අපි දෙන්නටත් එක්ක කියලා...."
"වරෙන්කෝ යකෝ යන්න....බිබික්කම උනත් ඌ අපිටත් කෑල්ලක් දෙනවනේ.වරෙන්කෝ යන්න ..."
"මොන මළ කරදරයක්ද බං...ඔච්චර කියනවනම් යමුකෝ...උදේ කෑවට පස්සේ තාම මුකුත් කෑවෙත් නෑ...."
"තාම 8නේ බං..."
"ඉතින්...?"
"දැන් බඩගිනියි කිවුවේ..."
"මට බඩගිනි නිසා"
"ඉතින් උදේට කෑවා කිවුවේ...."
"කෑවා තමයි...දැන් බඩගිනියි....හැදෙන වයසනේ බං....ඉතින් මේ කාලෙට හොදට කන්න ඕනේ...අනිත් කාලෙට වගේ නෙමෙයි.මේ කාලෙට ශරීරෙට වැඩියෙන් පෝශ්‍ය පදාර්ථ ඕනේ....."
"අනේ උඹේ හැදෙන වයස....ඇයි යකෝ උඹ හදන්නේ ගෙදර මිනිසුන්ව හිගමනට දාන්නද පැය දෙකෙන් දෙකෙන් කාලා..."
"කට වහපන් බං...ගෙදර හිටියනම් මේ වෙලාවට අම්මා නෙස්ටම් එක හදාගන පස්සෙන් එලවනවා කවන්න."
"අනේ මගෙන් මුකුත් අහගන්නේ නැතුව හිටපන්.මම නොදන්නවැයි උඹලගේ අම්මා එළවන හැටි උඹේ පස්සෙන්...සුරංගනා කතා නොකියා බලපන් සජ්ජා ඉන්නවාද කියලා...."
"කෝ බං මේකා නෑනේ.මූ බොරුද දන්නේ නෑ බං කිවුවේ...?"
"අර මොකාද බං අර හල්ක් වගේ හිටගන අතවනන එකා...?"
"කෝ...කොහේද...?"
"අර අතන අර බයිසිකල් පාර්ක් එකේ...."
"අපිට මොකෝ බං...සජ්ජා ඕකට රිංගන්නේ නෑනේ.ඌට බයිසිකලයක් තියා විල්බැරක්කෙයක්වත් නෑනේ..."
"හූ...හූ...."
"අඩෝ අන්න අරූ හූ කියනවා...ඌට යකා ගහලද දන්නේ නෑ...."
"ඒ හූවනම් ටිකක් හුරුයි බං.තාත්තා ගහද්දී සජ්ජා අඩන්නෙත් ඔයවගේ හූ කිය කිය තමයි..."
"අර බලහන්කෝ ඌ හෙල්මට් එක ගලවනවා.අඩෝ ඒ සජ්ජා තමයි බං..."
"ඌ ඊයේ විතරනෙ බං ඉස්කෝලේ ආවේ නැත්තේ.එක දවසට කොහොමද ඌ ඔච්චර මහත්වුනේ...?අර බලපන්කෝ මාස 7ක බඩදරු අම්මා කෙනෙක් වගේනේ..."
"අනේ බොල වල් ඉබ්බෝ...ඒ ඌ ජැකට් එකට යටින් උගේ පොත්ටික දාගන....නොදකින් මී හරකා..."
"අම්මෝ ඇති යන්තන්...බැරි වෙලාවත් මූ බඩවෙලානම් එහෙම අපි කොහොමද මුගේ ගෙදර මිනිස්සුන්ට මූණ දෙන්නේ....දැන් තමයි මගේ ඇගට ලේ ටිකක් ඉණුවේ..."
"මූ බඩ වුනාම උඹ මොකටද මූණ හංගන්නේ....?ඒ මිනිස්සු දන්නවා උඹට එච්චර දෙයක් කරගන්න බෑ කියලා...."
"කාගෙද බං බයික් එක....?"
"කාගෙවත් ඒවා මම පදිනවද බං...මේක මගේ තමයි....ඊයේ ගත්තේ...."
"අම්මටසිරි....සිරාවට...පට්ටනේ.....උඹලෑ තාත්තා තපසටවත් යන්නද....?"
"අනේ පල හිපාටුවෝ යන්න....මේක මේ පාර පංතියේ 16 වෙනිය උනා කියලා තාත්තා මට අරන් දුන්නේ..."
"මොකා ....කී වෙනිය උනා කියලද....?යකෝ උඹලෑ තාත්තා දන්නේ නැද්ද පංතියේ ළමයි ඉන්නේ 18යි කියලා...?"
"නෑ බං.එයා හිතන්නේ අර ඉස්සර වගේම පංතියේ ළමයි 40-45ක් ඉන්නවයි කියල...."
"යකෝ බැරිවෙලාවත් මූ පංතියේ පළවෙනියා වුනොත් එහෙම තාත්තා මූට සබ්මැරීන් එකක් අරන්දෙයිනේ....වෙලාවට මූ 16 වුනේ..."
"මේ මම මෙත්න්ට ආවේ මේක උඹලට පෙන්නන්න.මම ගෙදර ලොරියේ බඩු වගයක් ගේන්න පංචිකාවත්තට යන ගමන්.මම යන්නම්.හෙට ඉස්කෝලේ ඇරිලා මේක දෙන්නම් උඹලටත් රවුමක් ගහන්න...."
"එතකොට උඹ අද පංති එන්නේ නැද්ද....?"
"නෑ බං.අද ලලන්තිත් ගෙදරනේ.ඒ පැත්තෙත් රවුමක් දාලා මේක ලලන්තිටත් පෙන්නගන යන්න ඕනනිසා මම ගෙදරට කිවුවා අද පංති නෑ කියලා..."
"හරි එහෙනම්...උඹ පලයන්...අපි හවස්වෙලා එන්නම් මළගේ පැත්තේ...."
"කාගේ මළගෙදරද...?"
"උඹේ...වෙන කාගෙද..."
"නොදකින් මූසලයා....තොපේ ඊරිසියාව මම බයික් එකක් ගත්තට....මම යනවා"
"ඒයි මේ උඹ හෙට ඉස්කෝලේ එන්නේ බයික් එකේද...?මාවත් දාගන වරෙන් හොදේ...."
"හරි එහෙනම් ලෑස්තිවෙලා හිටපන්.මම 7 වෙනකොට එන්නම් උඹලෑ ගෙවල්ගාවට"


"මොකෝ බං පයින්...අරූ ආවේ නැද්ද...?"
"නෑ බං...උදේ පාන්දර මැසේජ් එකක් එවල තිබුනා බස් එකේ එන්නේ කියලා."
"ඒ ඇයි...?මොකක් හරි අවුලක්ද දන්නේ නෑ බං....?මූ බයික් එක හප්පගනද දන්නේ නෑ...."
"අනේ මන්ද බං...ෆෝන් එකත් ඕෆ්....අර එන්නේ බල්ල මැරුන පොලිස්කාරයා වගේ....බලපන්කෝ මූණේහැටි...."
"මොකෝ බං උනේ...?කෝ බයික් එක....?"
"ඊයේ මාර වැඩක් වුනානේ බං....."
"ඇයි හැප්පුනාද....?"
"නෑ බං.....මම ලොක්ක වගේ පංචිකාවත්තේ ගිහින් බයික් එක නවත්තලා කඩවලට ගියා ලොරියේ බඩුටික ගන්න.එනකොට බයික් එකේ කණ්නාඩි දෙක උස්සලා...."
"නෑ....."
"නෑ නෙමෙයි බං....මට දෙලෝ රත්වුනා....පොඩ්ඩක්වත් දන්න එකෙකුත් නෑ...අතේ තිබ්බෙත් 1000යි ඉතුරුවෙලා.කණ්නාඩි දෙක නැතුව ගියොත් ගෙදරිනුත් බැණුම්.මම වටේ පිටේ එවුන් 2-3ගෙනුත් ඇහුවා.උන් ගනන් ගත්තෙවත් නෑ බං."
"උඹට තිබ්බේ පොලීසියට යන්න..."
"ඒ මොකටද...?අතේ තිබ්බ 1000ත් උන්ට දීලා එන්නද....?රෙද්දක් කියවන්න එපා බං...."
"ඉතින් කියපන්කෝ විච්ච දේ...."
"මම පුක්මූණ දාගන ඉන්නකොට එකෙක් ඇවිත් ඇහුවා මොකද මල්ලී සීන් එක කියල.මම ඌට ස්ටෝරිය කිවුවා.ඌ කාටද කෝල් කරල මට කිවුවා පල්සර් කණ්නාඩි 2ක් තියනවා.උස්සපු 2ක්.1000යි කියලා."
"ඉතින්..."
"අතේ තිබුනෙම 1000යි.මම ඉතින් විස්තරේ කියලා 500කට ඉල්ළුවා.මූ කැමති වුනේම නෑ බං.පස්සේ ඉතින් මොනව කරන්නද කියලා මාත් ගත්තා.මූ කණ්නඩි 2ක පෙන්නලා ඉක්මනට පත්තර කොලේක ඔතලා මට දීලා මෙතනදි දිග අරින්නත් එපා.උස්සපුවනේ කියලා ගියා"
"ඉතින් එහෙනම් අවුලක් නෑනේ...."
"හිටපන්කෝ ලබ්බෝ කියල ඉවරවෙනකම්....අන්තිමේදී එනකොට කන්නවත් කීයක්වත් නෑ අතේ.පැට්‍රළුත් ඉවරවුනා මගදී.තලාහේනේ ඉදන් ගෙදරටම බයික් එක තල්ළුකරගන ගියේ.පයින් මීටර් 100ක් යන්න බැරි මට යකඩ ගොඩකුත් තල්ළුකරන් හැතැක්ම ගානක් යනකොට තියන ආතල් එක කොහොමද කියලා හිතපන්කෝ...."
"හරි ඉතින්.කුණක් කෑවට කණ්නාඩි 2ක හම්බුනානේ...."
"හම්බුනා තමයි.ගෙදර ඇවිත් බලනකොට ඒ කණ්නාඩි 2ක මගේ තිබුන දෙකමයි බං....."
'ඒ කිවුවේ....?"
"ඊයේ අක්කගේ පොඩි එකා කණ්නාඩි දෙකේ අර පොඩි තරු ස්ටිකර් 2ක් ඇලෙවුවා.ඒ දෙක එහෙම්මම කණ්නාඩි දෙකේ තිබුනා බං.ඌ මගේ කණ්නාඩි දෙක හොරෙන් ගලවගන මටම ආපහු විකුණලා.මමනම් ආපහු ඔය හු.. අල්ලන්නේ නෑ මලාට......


කටුස්සා....

30 comments:

  1. ලස්සනයි... ;) (ඔන්න අපිත් ආවා)

    ReplyDelete
    Replies
    1. බොහොමත් ස්තූතියි තරූ....

      Delete
  2. අම්බෝ.. මාන්න කටුස්ස කියලා ෆේක් එකෙක් ඇවිත්..

    ReplyDelete
    Replies
    1. //මමනම් ආපහු ඔය හු.. අල්ලන්නේ නෑ මලාට......// බයික් එකේ සයිඩ් කන්නාඩි දෙක ගලවපු එකට ලිලන්ති පලිද බන්? හැක හැක හැක..

      Delete
    2. ඔය අහක ඉන්න එවුන් තමයි හැම එකකටම වගකියන්න ඕනේ.දැන් බලපන් එදා උඹ මාව එක්කෙන් යන්න බාර් එකට ආවේ නැත්තම් ඔම්ලට් එක බිම වැටෙන්නේ නෑනේ.ඔම්ලට් එක වැටුනට වගකියන්න ඕනේ උඹ.ඒ වගේ තමයි මේකත්.

      Delete
  3. අප්පට සිරි උඹ ඉන්නවද , මම හිතං හිටියෙ මලා කියල. සොම්නස් මුදලාලි උඹ අද කඩේ වැහුවද ?

    ReplyDelete
  4. මගෙ වාහනේ සයිඩ් කන්නඩියක් ගන්න ගියා අදුනන එකෙක් එක්ක එකෙක් එක්ක එකෙක් බලල පැය බාගෙකින් විතර ආව කන්නඩි පෙත්තක් කොහෙන් හරි ගලවගෙන ,ඒ එක්කම පිටිපස්සෙ දොරේ කැඩිල තිබ්බ බැජ් එක වෙනුවට හොද එකකුත් ගෙනත්.කාගෙ හරි කාරෙකකින් ගලෝල.
    අනික උඹ අහල තියනවද වීල් කප් එකක් නැතිවෙලා ගිය එකෙකුට උගෙම වාහනේ අනෙක් පැත්තෙ කප් එක ගලෝල විකුනපු කතාවක්.
    කොහොමහර් කමක් නෑ ආපහු ආපු එක සන්තෝශයි.

    ReplyDelete
    Replies
    1. ඉබ්බන්වල හන්දියේදී ඔයවගේ වැඩකරන ඩයල් එකක් එක්ක චැටක් දැම්මා ටිකකාලෙකට ඉස්සල්ලා.පොර කියන විදිහට ජපනා ඔය බැජ්,ඇන්ටනා, වයිපරේ වතුර විදින කෑලි එහෙම හයිකරලා එවන්නේ උන්වගේ එවුන්ට කීයක් හරි හම්බකරගන්නළු.

      මේ කතාව දවසක් බොන වෙලාවකදී අයියා කෙනෙක් කියපු කතාවකට බාගෙට ලියවුන එකක්.ඒක ලියාගන්න ඕනේ වුනාට මේ විදිහට ලියාගන්න බෑ ඒක.ඒක හින්දා අල්ලලා දාලා හිටියේ.මේක තාම වැඩදත් එක්ක බලන්න අන්තිමටික ටයිප්කරලා පබ්ලිශ්කලා.වැඩේ අසාර්ථකයි.

      Delete
  5. පංචිකාවත්තෙදි ඇලෝවීල් එකක් ගලවල, අයිතිකාරයටම විකුණ්නලු. හැබැයි ගලවපු එක නෙවේ, ඒ වාහනේම වෙන එකක්.

    ReplyDelete
    Replies
    1. දැන්නම් හැබැයි ඒවගේ වැඩ අඩුයි.වෙලා තියෙන්නේ ඔතන්ට ගිහින් ගොනාවගේ ඉන්නකොටයි.කිසිදෙයක් නොදැනහිටියත් දන්න එකා වගේ හිටියහම වැඩේ ශේප්.

      Delete
  6. තාමත් පංචිකාවත්ත ඒ වගේමද බන්

    ReplyDelete
    Replies
    1. දැන්නම් වෙනස් ගොඩක්.දැන් එහේ යකඩ අස්සයෙකුත් ඉන්නවා.

      Delete
  7. මෙන්න මූ ඇවිල්ලෝ...ඒ ගල් කපල..ඉවරද බං අයියේ?

    ReplyDelete
    Replies
    1. දැන් කපලා ඉවරයි මල්ලී.මේ දවස්වල වල හාරනවා...

      Delete
  8. අනේ අම්මෝ කොහෙද බං අන්තරස්දාන වෙලා හිටියෙ.

    ReplyDelete
    Replies
    1. කසාද බැන්දනේ අයියේ...බැදපු අළුත ඉතින් වැඩ වැඩියිනේ.ඒකයි....

      Delete
  9. ගූ හතයි වලකජ්ජයි. බොට විතරද තේරෙන්නේ මේ අබිලික් පෝස්ට්

    ReplyDelete
    Replies
    1. ගූ හතයි කියලා තේරුනා මටත්.කම්මලේට දාපු කමෙන්ට් එක බලපන්කෝ.....

      Delete
  10. මං හිතුවේ පූසටවත් අහුවෙලා කියලා. පහුගිය ටිකේ පූසා කෙට්ටු වෙලාත් තිබුණා.

    ReplyDelete
    Replies
    1. උඹ පූසට හරියට සලකන්නේ නැතුව ඇති.ඒකයි කෙට්ටුවෙලා ඇත්තේ.ඔෆිස් එකේම ලගින්නේ නැතුව සතියකට දවසක්වත් වේලස්සන ගෙදර ගිහින් පූසව හුරතල් කරපන්.

      Delete
  11. මම හිතුවේ අපි දන්නෙම නැතුව උඹ වලකජ්ජ ගහලය කියලා...

    පංචිකාවත්ත දැන් ඔය තරම් නරක නැහැ නේද...

    ReplyDelete
    Replies
    1. වලනම් දන්නේ නෑ.කජ්ජනම් ගහනවා මේ දවස්වල.

      සිරාවට දැන්නම් අවුලක් ඇත්තෙම නැති ගානයි.

      Delete
  12. මරුනේ..අපිත් ඔන්න මේ පැත්තට ගොඩ වුණා. එහෙනම්
    සුබ නත්තලක්....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මහේශ්...උඹටත් සුභ නත්තලක්....

      Delete
  13. අම්මේ කසුටු මොකෝ උනේ...
    එකපාරක් මං කට්ටියගෙන් ඇහුවා කෝ කසුටු මොකෝ නැත්තේ කියලා කම්මලද කොහෙද කියලා තිබුනා සැනසුම් මුදලාලි හොදින් කියලා....
    දැක්කටත් සතුටුයි

    ReplyDelete
  14. පංචිකාවත්තෙ නැවැත්තුව කිව්වම මං හිතුවෙ මිනිහ ආපහු එනකොට බයික් එකේ ලහඳුවත් නැතිවෙයි කියලා. සයිඩ් කණ්නාඩි නැතිවෙලා ආයෙ ගන්න යනකොටනම් මට හිතුන මූටත් උනෙ ඇම්ඩගෙ තාත්තා කුකුල ගත සින් එකම තමා කියලා.

    ඉට්ටෝරිය සුපර්බ්.. ප්‍රවේගය ෆිල්ම් එකත් මතක් උනා.

    ReplyDelete
  15. මං මේ නිකමට අහන්නෙ, මේ අපේ සජ්ජවත්ද??

    ReplyDelete
  16. සජ්ජා කාර් එකක් ගන්ඩ හිතාගත්තේ එදාද දන්නෑ?

    ReplyDelete