Thursday, March 19, 2015

ගමම දැක්ක 'මීචා'.



කටුස්සා පොඩිකාලේ හෙන අහින්සක ඩෑල් එකක්ය.සින්හළෙන් කිවුවොත් මෙලෝ රහක් නැති එකෙක්ය.එකෙක් වම් කම්මුලට ගැසුවොත් දකුණද ඇල්ලීමට තරම් 'නිහතමානී' දරුවෙකි.එහෙත් එකෙක්වත් කටුස්සාට පහර දීමට නොපැමිනියේ ඒ පෘශ්ටිමත් බාහුවෙන් පහරක් කා ඉවසීමට අසීරු'යැයි සිතූ නිසා වියහැක.ඒ කොල්ලන්ය.කෙල්ලෝනම් එසේ සිතුවේ නැත.කටුස්සා 1 වසරේ සිට 3 වසර තෙක් පන්තියේ ඉඳගන සිටියේ එකල පන්තිබාර ගුරුතුමිය වූ "සිරිලා ටීචර්" ගේ දියණිය වූ "කෝකිළා"සමගින්ය.ඇය කෙල්ළෙක් වූවේ උප්පැන්නට පමණි.එකල ඇගේ චරිත ලක්ශන සියල්ල සමානවූවේ චොප්පේ අයියාටය.ඉතින් එකල නිතරම පාහේ ඇගෙන් ගුටිකෑම,කොනිති ගැසීමට ලක්වීම කටුස්සාට හුස්මගන්නවා සේ හුරුපුරුදු දෙයකි.4 වසරේදී ඇය වෙනත් පන්තියකට මාරු වූ නමුදු කටුස්සාගේ ඒරාශ්ඨකය නිමා නොවුනි.4-5 වසරේදී කටුස්සාගේ ජීවිතයේ අපලය වූවේ "ලෂානි"ය.කෝකිලා චොප්පෙනම් ඇය නාවල නිහාල්ය.ඇගෙන් ගුටිකා කටුස්සා අඩා ඇති බවද ඇගේ මව විසින් දැනුදු කියන්නේ කටුස්සාව සම්පූර්නයෙන්ම නිරුවත් කරමිනි.උසස්පෙළ අවදියේ මැරවැඩ නිසා සති ගනන් පන්ති තහනම් වී සිටියද කටුස්සා කුඩාකල සිටියේ එලෙසය.මේ කියන්නේ එලෙස ලාමක ටින් ටින් කටුස්සා සිදුකරනු ලැබූ මේ වනතෙක් කිසිඳු වැඩිහිටියකු නොදන්නා පඩත්තර ක්‍රියාවක විස්තරයකි.

කටුස්සා 5 වසර තෙක් අධ්‍යාපනය ලැබු පාසලේ ක්‍රීඩා පිටිය තිබුනේ පාසල පිහිටි බිම් මට්ටමට වඩා අඩි 15-20ක්පමණ පහතිනි.එයට යාමට පිට්ටනිය මැද්දෙන් විශාල සිමෙන්ති පඩිපෙළක් තිබූ අතර වාහනයක් පිට්ටනියට රැගෙන යා හැකි පරිදී පැත්තකින් පාරක් කපා තිබිනි.පඩිපෙලට දෙපැත්තෙන් සෝදායාම වැලක්වීමට විශාල පඩිමෙන් කට්ටා කපා තිබුනි.විවේකයට,පාසල නිම වූ පසුව ඇට්ටර කොල්ලෝ එම කට්ටා මතට බැස කටුස්සා වෙනි පීචන් කොල්ලන්ට වැඩ පෙන්නති.අපිද උන් දෙස කට ඇරගන බලා සිටියෙමු.එකල කටුස්සා 2ක වසරේය.පාසල නිමවු පසු කටුස්සාව රැගෙනයාමට මව පැමිනෙන නමුදු සමහර දිනවල කටුස්සාගේ වැඩිමහල් සොයුරියගේ පාසල නිමවෙන තෙක් කටුස්සා පාසලේ රැදීසිටියි.මෙ
සිදුවීම සිදුවූවේද එවන් දවසකය.සොයුරියගේ පාසල නිමවනතෙක් මා වෙනිම  රැදීසිටි අනික් එකාලා හා එකීලා සමගින් ක්‍රීඩාකර හෙම්බත්වී සිටි කටුස්සා පිට්ටනියේ ඉහත සදහන් කල කට්ටා  පඩිපෙලේ ඉහලම පඩිපෙලට වී ඉදගන ආතල් එකේ කකුල් දෙකද වනමින් සිටියෙමි.කලබලයෙන් එතනට දිවා අවේ මා මෙන්ම ඉහල පන්ති නිමවන තෙක් පාසලේ ලගා ගසමින් සිටි 1 වසරේ පොඩි එකෙකි.එක වසරේ පොඩි උන්ගේ නම අලවා ඇති බැජ් එකක් උන්ගේ කමිසයේ ගසා ඇති නිසා ඌ එක වසරේ බව වහා හදුනාගත හැක.
"අයියේ....ටොයිලට් එක කොහේද තියෙන්නේ....?"
"මොකටද?"
"චූ කරන්න"
"තමුසේ ඒක තියන තැනවත් දන්නේ නැද්ද?"
"මම ඊයේ අළුතින් ආවේ"
"එහෙනම් ඔය පඩි පෙලට බැහැලා චූ කරනවා.ඔයාට ටොයිලට් එක හොයාගන්න බෑ....මොනවද බලන් ඉන්නේ...යනවා කවුරුත් එන්න ඉස්සල්ලා"
අනේ ඉතින් පොඩි එකත් දෙවනි කට්ටට බැහැලා මට පෙනෙයි කියල වෙන්න ඇති පිට්ටනිය පැත්තට හැරිලා චූ කරනවා.මම අදත් දන්නේ නෑ මම කොහොම එහෙම කරන්න හිත හදා ගත්තද කියලා.මම එක පාරටම හිටගන මට පහලින් චූ කරකර හිටපු පො
ඩි කාගේ ඔළුවට චූ කලා.
මට හොදට මතකයි මම චූ කරන්න පටන් අරන් තප්පර 3-4ට විතර පස්සේ ඌ මගේ දිහා බලපු විදිහ ඇස්ලොකු කරගන.ඒ වුනාට  එතනින් අයින් වුනෙත් නෑ.ඒ එහෙ මෙහෙ වෙද්දි අර පඩිපෙල් කට්ට වලින් වැටෙයි කියල බහ හිතිල වෙන්න ඇති.මම ඉතින් මගේ බර සම්පූර්ණයෙන්ම හිස් කරලා බෑග් එකත් අරගන දුවල ගියා ඉස්කෝලේ ඉස්සරහා පැත්තට.වැඩිවෙලා නොගිහොන් අක්කලත් ආවා.පහුවදා ආපහු ඉස්කෝලේ එනකොටත් මට කිසි බයක් තිබ්බෙත් නෑ.අනේ මන්දා ඇයි කියලා.ඒත් ඉස්කෝලෙට ආවට පස්සෙනේ හුට්ටප්පරේ.1-2-3 වසරේ මිස්ලා තැන තැන කසු කුසුව.බඩු බනිස් කියලා කටුස්සාගේ සිඟිති මොළේට තේරුනා.දැන්නම් කටුස්සා ඉහින් කනින් දාඩිය දාගන මරන්න ගෙනියන මී හරකෙක් වගේ ඉදගන ඉන්නවා කෝකිළත් එක්ක.සිරිල ටීචර් පන්තියට ආවා.බැළුවා හැමෝගෙම මූණු දිහා.
"මගේ පන්තියේනම් හවසට ඉන්න ළමයි නෑ"
එහා පන්තියේ ටීචර්ට ඇහෙන්න හයියෙන් කිවුවා.වැඩේ ෆිනිශ්.කටුස්සා බේරුනා.ඒ කාලේ මම කෙල්ලෙක් රේප් කලත් ,මම නෙමෙයි කෙල්ල තමයි ඇවිත් රේප් වුනේ කියලා කට්ටිය කියයි මම හිටපු විදිහට.මට අදත් හිතගන්න බැරි දේ තමයි පාඩුවේ හිටපු මම එහෙම පජාත වැඩක් කරන්න පෙළඹුනේ කොහොමද කියන එක.



කටුස්සා කුඩා කල සිට පුරුදු පුහුණු වූ කටුස්සාට ආවේනික වචන කීපයක් ඇත."සිකෙස්" යනුවෙන් හදුන්වන්නේ සීනි කෙසල්ය.එය කටුස්සාගේ ප්‍රියතම කෑමකි.කුඩා කල එයට කෙතරම් ආශාකලාදැයි කිවහොත් කවුරුන් හෝ වැඩිහිටියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දී ඇති කටුස්සා පවසා ඇත්තේ රැකියාවක්කර ලබාගන්නා පළමු පඩියෙන් සීනි කෙසල් කැනක් මිලදී ගන්නා බවය.කටුස්සාගේ නැන්දාගේ නම ලක්ශ්මී ය.සැවොම එසේ ඇයට අමතද්දී කටුස්සාට පළමුව ඇය "පකී" විය.පසුව "කකී"වී අවසන"ලකී " විය.තවමත් කිසිම දිනක ඇයට නැන්දා යනුවෙන් අමතා නැත.අනිකුත් වැදගත්ම වචනය වුනේ "මීචා" ලෙස අහවල් අවයවට ගෙතූ නමය.කිසිවකු එයට මීචා යනුවෙන් අමතනවා අදද මා අසා නැත.
මෙම සිදුවීම සිදු වූවේද කටුස්සා 1 වසරේ සිටියදීය.කටුස්සාගේ නිවස පිටුපස පිහිටා තිබුනේ පියාගේ ව්‍යාපාරයේ වැඩපොළය.වසරේ වැඩි දින ගනනක් 7-8ක් පමන දෙනා සේවයකල මෙහි සමහර කාල වලදී 15ක් පමණද සේවය කර ඇත.එම කාලයේ  "සින්දුවක්" කීමට වුවමනා වූ විට බාත් රූම් එකට රින්ගා එය කීමට වඩා කැමතිවුනේ ගහක් යටට ගොස් හුළන් පහස විඳමින් එය කීමටය.එහෙත් නිවසේදී එය එසේ කිරීමට අපහසුවූවේ වැඩපොළේ වැඩකරන හැතිකරේ එය දුටුවිට කටුස්සාට හූ කීම නිසාය.
එදාද ගෙමිදුලේ කැරකෙමින් සිටින විට කටුස්සාට චූ බරක් සෑදුනි.වට පිට බැලූවිට දැක ගන්නට ලැබුනේ වැඩපොළේ වැඩ සවස තේ වලට නවතා ඇති බවය.දැන් කාගෙන් තහනමක්ද.....නිදහසේ වැඩේ කරමින් සිටින විට වැඩපොළ ඇතුලෙන් හූ හඬකි.තවත් සිටියොත් හූ හඬ වැඩිවන බව අත්දැකීමෙන්ම දන්නා කටුස්සා කකුලේ පෙරි පෙරිම මීචාව කලිසම තුලට රුවා 'ශිපරය' වැසීය.අහෝ දුකකි,ඉරකි,තිතකි.ශිපරය හා මීචා අළුත් ගේමක් ගසා ඇත.වැඩිය දගලන්නත් බැරිය.වැඩපොලේ අයට පෙනෙනවාය.වහාම ගෙට දුවගොස් අම්මාට කෑ ගැසුවේය.
"අම්මේ.....මේ......මීචා.......අහුවෙලෝ......"
වහා දිව ආ අම්මා කොල්ලාගේ අනාගතය බේරා ගැනීමේ ක්‍රියාවීන්තයට මුල පිරුවාය.එහාට සෙලෙවුවාය.මෙහාට සෙලෙවුවාය.කටුස්සාට දැන් තරු පෙනෙනවාය.විනාඩි 10ක් පමණ ඉවසා සිටියමුත් ඒ වේදනාව තවත් ඉවසාගත නොහැකිව කටුස්සා බෙරිහන් දීමට පටන්ගත්තේය.ඒ හඬට දිව ආ තාත්තා සිද්දිය වටහාගන නැවත ඔහුගේ කාමරයට ගොස් ආපසු ආවේ අඩුවක්ද රැගෙනය.හරි.මෙච්චරකල් කාටවත් වදයක් නොවී කකුල් දෙක මැද්දේ එල්ලි එල්ලි .හිටපු මීචා....අද ගලවල දාන්නමද කොහේද හදන්නේ......බෙරිහන්දීම දෙගුන විය.නොයෙක් සැනසිලිබස් කියමින් මීචාව ගැලවීමට අඩුවක්ද රැගෙන එන තාත්තාය.අනික්පසින් කටුස්සාගේ අත්දෙක අල්ලාගන දැගලිල්ල පාලනය කිරීමට වෙර දරන අම්මාය.සියල්ලටම වඩා ඉවසාගත නොහැකිවුවේ කටුස්සාගේ බෙරිහන් දීමට නිවසට දිව ආ වැඩපොලේ සේවක පිරිසය.
"අනේ......මේ අයට යන්න කියන්න....ඒ ගොල්ලෝ හූකියායියියි........."
"පොඩ්ඩක් ඉන්න ළමයෝ.....කෝ...මේ තාත්තට ඕක ගලවන්න දෙන්නකෝ...."
"විජිත අයියේ....ඔය අඬුව හරියන්නේ නෑ....ආ....මේ අඬුව ගන්න...."
"චූටි පුතා...ඔයා ශිප් එක උඩට උස්සන්න ගිහින්ද ඕක වුනේ....පහත් කරද්දිද ඕක වුනේ...?"
"ඕකට ඔය අඬු හරියන්නේ නෑ...ඕකට වඩා හීනි එකක් තිබුනනන් හරි"
"අර දියෝනිස් අයියලගේ නිහාල් රට ගිහින් එනකොට ගෙනාපු ආයුධ වගයක් තියනවා විකුනනවා කිය කිය....එතනනම් තිබ්බා එක එක ජාතියේ අඬු"
"මම ගිහින් එනකම් මුකුත් කරන්නේ නැතුව ඉන්න.මම ඉක්මනට එනවා...."
"මොකද අක්කේ උනේ.....කෝ විජිත...."
"බලන්නකෝ චූටි මල්ලි මේ ළමයා කරගන තියන වැඩේ...විජිත ගියා දියෝනිස් අයියලගේ ගෙදර....අඬු වගයක් තියනවා කියලා අරගන එන්න...."
"කෝ...චූටි පුතා....අඩන්නේ නැතුව ඉන්නකෝ....මම පොඩ්ඩක් බලන්නම්...."
"මේ කලිසම ගැලෙවුවනම් හරි.....ශිපර් එක ඉතුරුකරලා වටේට  කපමු...."
බඩුම තමයි.ඉතුරුවෙලා තිබුනේ එච්චරයි.ඒකත් ට්‍රයිකරලා ගැලෙවුවා.....
මම ටිකක් ඔළුව කෙලින්කරලා බැළුවා.අම්මෝ....අල්ලපු ගෙදර ලක්මිණී,ප්‍රසන්සා අක්කලා,ඒ අයගේ අම්මා,මෙහා ගෙදර අඹතලේ නැන්දා,සිඟිති අක්කා,තිසුම් අයියා,ඉස්සරහ ගෙදර කට්ටියම,තව ගමේ අය 7-8 දෙනෙක්,වැඩපොළේ කට්ටිය.....ඒ ඔක්කොම ඉස්සරහ කටුස්සා නිරුවතින්...ලැජ්ජාව වහගන්න ඉතුරුවෙලා තියෙන්නේ මීචා උඩ ඉතුරුවෙලා තියන ශිප් එක විතරයි.
"චූටා....මොකෝ වුනේ....තාම ඕක හරියට කරගන්න බැරිද?"
"මේ පොඩි එකා ශිප් එක අහුකරන් බන්"

"කවුද,,,චූටි පුතාද?අරෙහෙ රොබා කිය කිය ඇවිදිනවා චූටි මල්ලී ශිප් එකට අහුකරන් කියලා....කොල්ලෝ ටික ඔක්කොම මග එනවා රාජගේ ලොරියේ උඹව බලන්න..."
"ඔය හු....ගේ පුතා ඔහොම්මම තමයි.....හැම එකක්ම විහිළු ඌට...."
හරි තව කට්ටියක් එනවළු මගේ මීචා බලන්න...
"අන්න...විජිත ආවා.....අඬු තිබ්බද?"
"විකුණන්න ගෙනත් තියෙන්නේ....මම 5ක් ගෙනාවා සල්ලි වලට"
"අනේ පුතේ දගලන්නෙ නැතුව ඉන්නකෝ....තව ටිකයිනේ..."
දැන්නම් අඩන්නත් පන නෑ....උඹලට ඕනේ එකක් කරපන්කෝ....කටුස්සා ඉඳගත්තා පුටුවක.
"අනේ පුතේ...ඔහොම හිටියහම කොහොමද මේක ගලවන්නේ...හොඳ පුතා වගේ හිටගන්නකෝ....."

"මට බෑ...මගේ කකුල් දෙක රිදෙනවා..."
"හා එහෙනම්....ඇදේ ඇලවෙන්න.....මේ දිහා නොබල ඉන්න....අපි මේක කරන්නම්..."
එහෙම කොහොමද....මේක මගේ මීචානේ...මටනේ රිදෙන්නේ....මම අමාරුවෙන් ඔළුව ඉස්සුවා ඒ කරන එක දිහා බලන්න.හුටා....ඉස්සල්ලා 20ක් විතර හිටපු අය දැන් 60ක් විතර කාමරේ ඉදන් මේ ඔපරේසම දිහා බලන් ඉන්නවා.තිලක් මාමා ටෝර්ච් එක ගහගන.තාත්තා අඩුවක් තියාගන මගේ මීචාව අල්ලගන.අම්මයි ලකීයි මගේ අත් අල්ලගන.ලොකු නැන්දා කම්මුලට අත තියාගන ඉකි ගහනවා,මල්ලිගේ පරම්පරාව ඉවරයි කියල හිතලා වෙන්න ඇති.තව අදුරන නාදුනන ගොඩක් ඇද වටේ.යකෝ...ඔක්කොම මගේ මීචා දිහා බලන් ඉදිද්දී මම විතරක් කටවහන් ඉන්නේ කොහොමද?පටන්ගනින් මගෙ අම්මා...තව හයියෙන්....
"මට බෑ...ආආවුවුවු.....රිදෙනවෝ......බැරියෝ......."
"ඕක හරියන්නේ නෑ...ළමයව ඉස්පිරිතාලේ අරන් යමු...."ඒ සාජන් අන්කල්.පස්සේ කාලෙක දැනගත්ත විදිහට සාජන් අන්කල් පොලීසියෙන් විශ්‍රාමගිහින් ඒ වෙනකොට නාරහෙන්පිට ආසිරි රෝහලේ වැඩකරනවාළු.
"විජිත...යමු ආසිරි එකට...මාත් එන්නම්...."
තුවායක් අන්දලා ගුනදාස අන්කල්ගේ වෑන් එකේ කටුස්සව පටෝගත්ත කට්ටිය ඔන්න ගියා ආසිරි එකට.ටික වෙලාවකින් කටුස්සාව රෝද පුටුවක දාගන ඇදක තිබ්බා.දොස්තරලා දෙන්නෙක් හිටියා.තව නර්ස්ලත් වට කරගන හිටියා.එක ඩොකෙක් මීචව අල්ලගන ශිප් එක හෙමින් හෙමින් කටුස්සටත් නොදනෙන්න හෙල්ලුවා.
"මට කියත් තලයක් අරගන එන්න".ඒකා නර්ස් කෙනෙක්ට කිවුවා.දැන්නම් බඩු ශුවර්.මීචා නැතුව තමයි යන්න වෙන්නේ.කියත් තලවලින් යකඩ කපන හැටි වැඩපොලේදී ඕන තරම් දැකල තිබුන මට දැන් වෙන්න යන දේ හොදටම පැහැදිලියි.මූණ බෙරිවෙන්න ඇති අනිවාර්යයෙන්ම.හැබැයි ඇඬුවේ නෑ.අදුනන්නේ නැති කට්ටියක් මැද්දේ ඉදන් කොහොමද අඬන්නේ....
"බය වෙන්න එපා පුතා....ඉක්මනට මේක හරියනවා....අපි මේක ගලවමුකෝ..."
ඩොකා එහෙම කිය කිය හෙමින් සැරේ ශිප් එක හොල්ලනවා.
"ටිකිස්" ...වැඩේ හරි.....මෙන්න ශිප් එක ඩොකාගේ අතේ.කට්ටියගෙ
මූණුවල හිනාව පිරිලා.
"අනේ ඩොක්ටර්...කොහොමද ඒක කලේ....?"
නර්ස්ලා ටික ඩොකාගේ කරේ.ඩොකා පොර වෙලා හිනා වෙවී ඉන්නවා.
"කෝ බලන්න...".නර්ස් කෙනෙක් එබිලා මගේ මීචා දිහා බලනවා...හරියට එයාගේ එක වගේ.

මගෙත් මොකෝ...ඒ අයනේ මේක ගැලෙවුවේ.ඉතින් ඇත් තරම් බලා ගත්තදෙන්...
කට්ටියම බැළුවට පස්සේ මීචා හිටියා වගේ 4-5 ගුණයක් ලොකුවෙන තරමට බෙහෙත් දාලා ප්ලාස්ටර් එතුවා.ඉස්සරහින් හිලක් තියල තිබුනා චූ කරන්න.කටුස්සා දැන් රෝද පුටුවට වෙලා ඉන්නවා තාත්තා බිල ගෙවල එනකම් අම්මා එක්ක.අනේ එතකොට අර කියත්තලය හොයාගන ගිය නර්ස් එනවා දුවගන.
"අනේ මම කියත්තලයක් හොයන්න ගියානේ...ගැලෙවුවළු නේද?...මට බලන්න බැරි වුනානේ...කෝ බලන්න....."
අනේ මම කොහොමද ඒ ඉල්ලීම අහක දාන්නේ.කටුස්සා ඉක්මනට තුවාය ඈත්කරලා ඒ නර්ස්ටත් පෙන්නුවා.කටුස්සාගේ අම්මා තාමත් ඕක මතක් කරලා කියවනවා තෝ මහ එපා කරපු එකෙක්කියලා.
ඔන්න ඔහොමළු කටුස්සා තමන්ගේ මීචා ගමටම පෙන්නලා ඒකත් රැකගන ආපහු ගෙදර ආවේ.....



කටුස්සා....

55 comments:

  1. මැරෙනවා යකෝ හිනා ගිහිං..... මිචා... හච්චිං පැට්ටා, දුන් කුඩ්ඩා, මීයා, චූවා,චූ පැට්ටා, අනිත් දන්න එව්ව මෙතන දාන්ඩ හොඳ නෑ නෙ. සිප් එකට අහුවීම කියන්නෙ ඕනෑ කොල්ලෙක්ගෙ බියකරු අත්දැකීමක් නෙ බං. උඹ නං බොරුවට බයේ ඔක්කොටම ඕක ප්‍රදර්සනේ කොරලා. පොඩි කාලේ හින්ද හොඳා, නැත්තං බේත් ,දොස්තර බිලට වඩා බැන්ඩේජ් වලට වැඩි වියදමක් යන්න තිබ්බ.

    ReplyDelete
    Replies
    1. ඔතනන් සිරාවට බයවුන එක තමයි වුනේ.අනික එදාට වඩා ප්‍රදේශයේ අසල්වැසියන් අතරේ ලොකු සම්බන්ධයක් තිබුනා.අදනම් ඒ ගතිය සෑහෙන්න අඩුවෙලා.අනික තමයි ඕකෙන් පස්සේ ඉගනගත්තු දේ තමයි ශිපර් එක උඩට උස්සනකොට අහුවුනොත් යටට අදින්න ඕනේ,යටට පහත් කරද්දී අහුවුනොත් උඩට උස්සන්න ඕනේ.එතකොට ගොඩක් වෙලාවට වැඩේ තනියම ගොඩදාගන්න පුළුවන්.

      Delete
  2. අඩෝ පට්ට මචං. කොල්ලෙක්ට ඕක මහ අසරණ අත්දැකීමක්. මගේ යාලුවෝ කීපදෙනෙක්ටම ඕක උන නිසා දෙයියනේ කියල මං පාඩම් ඉගෙනගෙන බේරුනා.

    මේ ළඟදි මං කලින් වැඩකරපු තැන මගෙ යාලුවෙක්ගෙ පුතෙක්ට ඕක වෙලා, යාලුවා ඒක ගලවන්න කතුරකුත් අරන් එනකොට පොඩි එකා කෑගහනවලු, අනේ තාත්තී චූවනම් කපන්න එපා කියලා.

    ReplyDelete
    Replies
    1. මේ ලඟදී අපේ එකෙක්ට ඔය වැඩේ වුනා බන් මහ හෙන දරුණු විදිහට.මීචාගේ නහරයක් ශිපර් එකට අහුවෙලා.මූ කොහොම හරි අපි යනකොට ශිපර් එක ගලෝගන.ඒත් ලේ යනවා ගඟක් වගේ.එතන තියන හිනා යනම වැඩේ තමා ඌ ඒක අහුකරන් තියෙන්නේ ඇදුම් ඇඳ ඇඳ ඉද්දී ගෑනි කාමරේට ඇවිත්.ගෑනි දකියි කියලා බයට ඌ ඉක්මනට ශිපර් එක උඩට ඇදලා.ඌ අපෙන් අහගත්තු කතා ටිකක් ඒ දවස් වල....

      Delete
    2. ඇ බං උබගේ යාලුවා ගෑනිට &කන්නේ ඇස් බැදල $යිය නොපෙන්නාද

      Delete
    3. ඕක හින්දම තමයි බන් ඌ අහගත්තේ.ඌ කියනවා ගෑනි එකපාරට කාමරේට ආවහම ඌට ලැජ්ජ හිතුනළු......

      Delete
    4. ඕං ඔයටිකමලු අටම් අයියේ කටුසු උගෙන් ඇහුව කියන්නෙ. අම්මප ඒක පොලොවෙ ගහල මරන්නෝනි!!!

      Delete
  3. ado katussoo meka passe balannam hodada....mata hithena widiyata dan baluwoth mawa hospital aran yanna wei wage presar nagala

    ReplyDelete
    Replies
    1. එහෙනම් ප්‍රෙශර් පෙත්ත ගහලම ඇවිත් කියවපන්....

      Delete
  4. හිනා වෙලා පන ගියා.

    ReplyDelete
    Replies
    1. පරිස්සමෙන්....වයසත් එච්චරම හොඳ නැති එකේ මරණ සහතිකේ මරණයට හේතුව කටුස්සා කියලා දාගන්න වෙයි.....

      Delete
  5. හෙහ්, වස ලැජ්ජාවේ බෑ.. මරු බං..

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ ඉතින් පොඩි එකානේ.ඒ නිසා ගානක් නෑ.දැන්නම් කාටවත් මතකත් නෑ ඔය සිද්දිය.

      Delete
  6. අඩෝ පට්ට ආතල්.... මේක අද ඊයේ උන්නානම් වසලා හමාරයි....
    අහල පහල එවුන් උඹයි උඹේ මීචයි එක්ක Selfie ගනී...

    ReplyDelete
    Replies
    1. දැන්නම් ඕකට ලන්වෙලා සෙල්ෆි ගන්න ගියොත් සිද්ධවෙන දේ වලට වග කියනු නොලබේ....

      Delete
  7. අම්මට සිරි පට්ටම පට්ට යකෝ අහල පහල උංගෙ ඕකක් නැද්ද කියල අහන්ටෙපෑ...
    කෝ අර මදාවි ය ඕක හිටිය නං මෙලාකට ඕකට හොද කවියකුත් හදල හිහි

    ReplyDelete
    Replies
    1. බයවෙලා අම්බානෙක රිදි රිදි ඉඳිද්දි ඔවා අහන්න මතක් වෙනවද බන්...අනික ඒ කාලේ මම ලැජ්ජා බයට හැදුන විනීත දරුවෙක් බොල.....

      Delete
  8. අර කොල්ලට උඹ එහෙම කරේ අනිත් උන් උඹට කරන දේවල් වලට රිටන් එකක් දෙන්ඩ , උඹ එකෙන් පිට කරේ අනිත් උන්ගෙන් උඹට තිබුන මානසික පීඩනය

    ReplyDelete
    Replies
    1. අම්මපා අටමයියේ...උඹත් දැන් PHD(permanent head damage) එක ගන්න කාලේ හරි වගේ.කැම්පස් ගුරාලත් ඔය PHD එකට සෙට් වෙන්නේ උඹ හිතන විදිහට හිතන්න සෙට් වුනහම තමයි.
      නිවිහැනහිල්ලේ හිතන කොට උඹ හරිත් ඇති.....

      Delete
    2. එව්වා පැත්තකින් තියල ඇත්ත කියහං , දැන් යද්දිත් ඔරවං එද්දිත් ඔරවං නේද

      Delete
    3. සිරාවට තේරුනේ නෑ බන්.තේරෙන විදිහට කියපන්කො සින්හළෙන්

      Delete
    4. බිජ්ජේ කොන තියනවද කියල ඇහුවේ

      Delete
  9. හිනා කනවා බං....නියම භාෂාව!
    තරුණ වයසට ආවට පස්සෙ උඹට විවාහ යෝජනානං එන්න ඇති අම්බානකට.

    ReplyDelete
    Replies
    1. අපේ පැත්තටම හිටිය පොඩිම එකා මම බන්.ආසාවට කෙල්ලෙක් හිටියේ නෑ මට සෙට් වෙන්න.

      Delete
    2. අපේ පැත්තට තිබුන පොඩිම එක කියලද බං කිව්වේ???

      Delete
    3. වෙන්නැති.. සිප් එක නිසා කොට වෙලානේ...

      Delete
  10. යකෝ පට්ට කතාව.... තාම හිනා.. ඔලුවත් රිදෙනවා බොල.. ලියද්දි ටිකක් කියවන අපි ගැනත් හිතහං... දැන් ඉතින් තේ ඒකක් බීලා රිලැක්ස් නොවී තව ඒක බ්ලොගයක්වත් බලන්න බැහැ... උඹනම් අන්තිම සිරා කසුට්ටා......... අපිටත් ඔය අත්දැකීම් තියෙනවා... අපේ තාත්තා නම් මචං කාටවත් නොකියා ටේලර් ගාවට ගෙනිහිං වැඩේ ගොඩ දැම්මා.. උඹ මහපු කලිසමනේ දැන් ගලවහං කියන්න අැති.......?????

    ReplyDelete
    Replies
    1. ටේලර් බය වෙන්නඇති බන්....වැඩේ නොකලොත් උගේ එක ගලවයි කියලා....

      Delete
  11. මළ හත්තිලව්වේ කිව්වලු. ගමටම පෙන්නන්න වුණා නේද මීචා ව?

    ReplyDelete
    Replies
    1. ඕක දැන් වුනානම් එහෙම කාමයා කියලා නමකුත් හදාගන....

      Delete
  12. එක්සත් රාජාධානියේ වසරකට ඔව්වා 9000ක් වෙනවලු

    ReplyDelete
    Replies
    1. මෙහෙත් වෙනවා ඇති බන්.ඕක වුනාට පස්සෙත් මට දෙපාරක්ම ඕක වුනා.හැබැයි එතකොටනම් මම තනියම වැඩේ ගොඩදාගත්තා.

      Delete
  13. මරු ඕයි... පන ගියා හිනා වෙලා.. අර තෝ පොඩි එකාට කරපු දේට හොදට කියවන් න ආවට මොකෝ මීචා නිසා ඔක්කෝම අමතක උනා.. උඹ තාම අඩනවද ගෑනුන්ගෙන් කාලා.. නියමයි බං..ජය

    ReplyDelete
    Replies
    1. දැන්නම් ගෑනුන්ගෙන් කන්නේ වෙන විදිහකට.....

      Delete
  14. මං මේක කියවන්න ආවේ පරක්කු වෙලා අනී... කෝ? මටත් බලා ගන්න බැරි උනානේ... (හම්බෙච්චි වෙලාවක පෙන්නපංකෝ..)

    අපෙ පොඩි එකා ඕකට කියන්නෙ පැණි කුරුල්ලා කියලා.. පැණි තියෙන බව කොහොම දැනගෙනද මංදා.. මිං පස්සෙවත් මතක තියා ගනිං ඔය වගේ වෙලාවක සිපර් එක් පුළුවන් තරං ලඟින් හරහට කපපං.. එතකොට බුරුල් වෙනවා... දුප් මීචා.. හෙහ් හෙහ්..

    ReplyDelete
    Replies
    1. ඔය වෙලාවේ මම ඕක හරහට කපන්න ගියානම් අද මට ඉඳගන තමා චූ කරන්න වෙන්නේ....
      //(හම්බෙච්චි වෙලාවක පෙන්නපංකෝ..)//
      නොදකින් නරක සමනළයා.....

      Delete
  15. හිනාවෙලා පණ නෑ ඕයී..ඔය මොකාද එකා උඹ නැතුව තනියෙන් ඡන්දේ ඉල්ලුවානම් උඩින්ම දිනන්න ඉඩ තිබුණා ඔය ප්‍රදර්ශනේ හැටියට..අම්මා කියලා තියෙන්නේ ඇත්ත නේන්නම්..තෝ නම් මහ එපා කරපු එකෙක්! අර පොඩි එකාගේ ඔළුවට චූ කරලා චිකේ!!

    ReplyDelete
    Replies
    1. අර ඉන්දියාවේ හිටපු ජනාධිපති කෙනෙක් හැමදාම චූ බිවුවළු හිස්බඩ.එහෙම එකේ ඔය දවසක් ඕකා චූ නෑවහම මක්ක වෙනවද?

      Delete
  16. හිකිස්...හිනාකාලා මැරෙනවා ඕයි...කොහොමඋනත් අනාගතේ අදුරු වෙන්න තිබුන චාන්ස් එකක්නේ ඩොකා බේරුවේ.ඌට පින් දියන්..

    ReplyDelete
    Replies
    1. සිරාවටම....ඩොකානම් දෙයියෙක් තමා.....

      Delete
  17. අනේ අම්මෝ බඩ රිදෙනවා හිනා වෙලා..
    එල ද බ්‍රා..
    කටුස්සගේ මිචා ගමම දැක්කා

    ReplyDelete
    Replies
    1. අපි එහෙමයි....හැන්ඟි හොරා නෑනේ අපි

      Delete
  18. ඕයි තාමත් හිනාව නවත්තගන්න බෑ... මරු...

    ReplyDelete
  19. හි... හි... හිනා වෙලා කඳුලුත් එනවා ..

    ReplyDelete
    Replies
    1. ඔයාගේ බ්ලොග් එකේ follower කෙනෙක් වෙන්න බෑනේ..

      Delete
    2. ඔය ෆලොවින් ගැජට්ටුව හිටපු ගමන් පිස්සු නටනවා.ඒ ගැජට්ටුවේ උඩින් තියන පොඩි කොටු දෙකක අයිකන් එක ක්ලික් කරන්න.එතකොට පුළුවන් තුශානි

      Delete
    3. එහෙමත් ෆලෝ කරන්න බෑ මචං, ඒක හදපන්කො.

      Delete
    4. ඔය මගුල් හදන්න මම දන්නේ නෑ බන්.ඒත් අදත් කවුරුහරි ෆලෝ කරලා තිබ්බා මාව.

      Delete
    5. නිල්පාට පොඩි කොටු දෙක කෙටුවහම බැරිනං කටුස්සට කරන්න දෙයක් නැ , ඒක නිකිම්ම හරියනවා

      Delete
    6. ඔය ෆලෝවෙන්නේ බං , ඔය වැඩකරන්නේ නැති ගූගල් ෆලෝවරය අයින් කරහං කටුස්සෝ , තව එහෙම නොපෙනෙන ගැජට් තියනවද කියල ලේයර් අවුට් එකට ගිහින් බලන්ඩ

      Delete
  20. අදයි මේ පැත්තෙ ආවෙ, හැබැයි මේ කතාව පිලිගන්න බෑ 26 වෙනිදට ආවහම මටයි කමියටයි පෙන්නපං උඹේ මීචව අපි චැක් කොරල මේක ස්තිර කරන්නම්.
    ඇත්තටම සිපර් එක හරහට කපන එක තමයි විසදුම. ආයේ අහුකරන් කපල බලපන්කො.

    ReplyDelete
    Replies
    1. 26 එන එක තාම විශ්වාස නෑ.එන්න බැරි වුනොත් ඒකේ ෆොටෝ එකක් එවුවොත් වැඩේ දැනට ගොඩදාගන්න බැරි වෙයිද?(යකෝ මුන් මේකට එන්නේ සම්මාන දෙනවා බලන්න නෙමෙයි.වෙන සීන් එකකටද කොහේද?).26 ආවොත් අහුකරගන්නම්.උඹලා කපපල්ලා.(බලන් හිටහන්කෝ)

      Delete
  21. නර්ස්ලා අත ගාන කොර මිචා නැගිට්ටේ නැතෙයි

    ReplyDelete
  22. ඔන්නොහෙ මාත් මේක කියෙවුව කියල විතරක් මතක තියාගනිංකො. හැක්..

    ReplyDelete