Sunday, January 17, 2021

සත්තයි නුඹ ඇවිදින් සෙවනැල්ලක් සේ....

 











සුසුම් නැති සිනා ඇති ලස්සනම මතකයක

හෙවනැල්ල මත වැතිර නුඹ මැවුන ඉසිඹුවක

පපුව මත නුඹ හිසේ උණුසුම'ම සෙවු දිනක

සමහරක් රැය ගෙවුනා ගෙවුන හැටි දන්නැතුව


අවදිවෙමි නුඹ සොයමි පියාගමි නෙතු නැවත

සිහිකරමි වැළඳගමි හිස සිඹිමි හැමවරක

ලංනොවී ළඟ ඉන්න ඉගැන්වූ පාඩමක

තිත් කොමා යලි ගනිමි වැරදි තැන ලකුණුකල


වළාවකි'යැයි සිතූ නුඹ සෙනෙහේ වැළඳගන

මුරණ්ඩුම ඇස් ඇතුලේ ජීවිතය සරසගන

සිනහ පිරි උවනතේ මිහිර යලි මවාගන

ගිලෙමි මම උඹ තුලම අහිමි මා හොයාගන


ආදරෙත් මහමෙරක් කියා දැනෙනා දිනක

සත්තමයි.... නතරවෙමි හිස තියන් උකුළ මත


කටුස්සා....

7 comments:

  1. ඉස්සර වගේම ලස්සනට ලියල

    ReplyDelete
  2. ආදරෙත් මහමෙරක් කියා දැනෙනා දිනක

    සත්තමයි.... නතරවෙමි හිස තියන් උකුළ මත ....... ලස්සන පදවැලක් .....

    ReplyDelete
  3. අනේ හරිම ලස්සනයි . පරන කටුස් is back again

    ReplyDelete
  4. නෙළුම් පතක රැඳි පිනි බිඳුවක් සේ
    ලමැද තලා යහනේ ඉන්නම්
    පමාවෙලා හිරු නැඟෙන තුරා
    විචාරක දියණිය

    ReplyDelete