පාවෙන්න හීනයක....
මේ නුඹේ යාමයයි
විඳගන්න...සැනසෙන්න...
හෝරාව පැමිණ ඇත
දයාබරය....
නොසොයන්න.... නොබලන්න....
මතක යනු පෙන බුබුලුමැ'යි
ජීවිතය ඇත්තේම
තවත් ගවුවක දුරින්මැ'යි
"නිස්කාරන තුවාල ඇත්තේ කාටද...
රතු ඇස් ඇත්තේ කාටද....
මුද්‍රික පානය ලඟ පමාවන්නන්ටය"
දයාබරය...
හිත අරන් දියකරමු
පා ලකුනු මැකෙන්නට
උරුවිසිත් බලාගන...
පිරෙනතෙක් ඔය හිතත්
ආයෙමත්
සිහිගන්න.... යලි යලිත්....
"ජීවිතය තිබ්බේම මතක ඇතුලේ වුනත්
මතක යනු පෙන බුබුලුමැ'යි
ජීවිතයට අයිති නැති...."
උරුවිසිය....
පුරවන්න ඔය බඳුන
පියවි සිහි අවැසි නැත
සැනසෙන්න.... විඳගන්න....
ජීවිතය
මතක යනු දුහුවිලිය
සිහින් පොද වැස්සටත්
පොලවටම දියවයන....
දයාබරය....
පාවෙන්න හීනයක
මේ නුඹේ යාමයයි
විඳගන්න...සැනසෙන්න....
ඉතිරිකර
නුඹ මුවග සිනාබිඳ....
කටුස්සා....