Tuesday, October 28, 2014

පත්තර අතීතය

කටුස්සාට පොඩිකාලේ පුදුම විදිහට පොත් පත්තර කියවීමේ අමාරුවක් තිබුනි.පත්තරයක් පොතක් පේන්න බැරිය.තෝරා බේරා ගැනීමක් නැත.අතට අහුවන ඕනෑම මගුලක් කියවයි.කටුස්සාගේ නිවසින්ද එයට මහත් අනුබලයක් ලැබුනි.කවමදාවත් "උඹ ඕවා විතරක් කියවන්නේ නැතුව පාඩම් කරපන්" යැයි පැවසුවේද නැත.ගමනක් ගිය විට හිත් ගියේද සෙල්ලම් බඩු වලට නොව පොත් වලටය.දෙමාපියන් අත මුදල් තිබුනහොත් කටුස්සා ඉල්ලන පොත් ප්‍රශ්න කිරීමකින් තොරව කටුස්සාට ලබාදේ.ඒ ගන්නා පොත ගෙදර ගෙනියන තෙක් සිටින්නේ නැත.බස් නැවතුමේදී හෝ බසයේදී හෝ කටුස්සාගේ පියාගේ රථයේදී හෝ කියවීමට පටන් ගනී.සමහර වේලාවල් වලදී නිවසට පැමිනීමට පෙර පොත කියවා හමාර කොට ඇත.කටුස්සා මුලින්ම කියවූ පොත විදිහට මතකයේ ඇත්තේ "පුන්චි වලස් පැටවු තුන්දෙනා" හෝ ඒ සමාන නමක් ඇති පොතකි.කතාවේ තේමාව වුවේ සත්තු වත්තේ සිටි වලස් පැටවු තුන් දෙනෙක් කූඩුවෙන් එළියට පැමින ඔවුන් දකිනා දේ පිළිබදව කියනා කතාවකි.මතක විදිහට එය කියවනු ලැබුවේ මොට්ටසෝරි යන කාලයේදීය.දැනට ප්‍රසිද්ධ ළමාකතා රචිකාවියක් වන ජානකි සූරිය ආරච්චි විසින් කුඩා කල ලියන ලද "රන්ගිගේ චිත්‍රය"නම් කතාපොතත් එම ආසන්න කාලයේ කියවූ එකක් ලෙස මතකයේ  රැදී ඇත.එය කටුස්සාට ලබා දුන්නේ කටුස්සාගේ පොත් කියවීමේ පිස්සුව දැනගත්;එකල කටුස්සාගේ සොහොයුරියට ඉන්ග්‍රිසි ඉගැන්වීමට කටුසු භවනට ආ ජානකි සූරිය ආරච්චී මහත්මියගේ පියා විසිනි

මෙම පොත් හා සමානවම කටුස්සා පුවත්පත්ද කියවීය.ඒද ළදරු පාසල් කාලයේ සිටමය.කටුස්සා මිලට ගත් ප්‍රථම පුවත්පත් වන්නේ "පුන්චි" සහ "කැකුළු" පත්තරය.මතක හැටියට පුන්චි පත්තරය කැමිලස් ප්‍රකාශකයෝ විසින් පළකරන ලදී.එහි පළවු "මිස්ටර් ෆොක්ස්' කාර්ටූනය කටුස්සා විසින් කියවන ලද මුල්ම චිත්‍ර කතාව වේ.ඉන්පසු පාසල් යාමට පටන් ගැනීමේදී තවත් පුවත්පතක් එයට එක්වුනි.ඒ "බින්දු" ය.කටුස්සා ප්‍රාථමික අධ‍යාපනය ලැබු කොස්වත්ත ආදර්ශ කනිශ්ඨ විදුහල(දැන් එම්.ඩී.එච්.ජයවර්ධන විදුහල )වෙත යාමට කොස්වත්ත හන්දියෙන් බැස කි.මීටර 1.5 පමණ මහා කන්දක් නැග බැසිය යුතුය.මව සමග බසයෙන් කොස්වත්ත හන්දියට පැමිණ එහි වූ පත්තර කඩෙන් පත්තර මිලට ගෙන බෑගය කරේ එල්ලාගන පත්තරය කියව කියවා පාසල්ගිය අතීතයට කටුස්සා තවමත් මහත් සේ ආදරය කරයි.එම කියවීම නතර වන්නේ කොස්වත්ත පොලීසිය පසුකරන විට පමණී.ඒ පොලීසිය ඇතුලේ සිටිනා සිරකරුවන් බැලීමට මහත් වූ කුතුහලයක් කටුස්සාට එකල තිබූ බැවිනි.එහෙත් කිසි දිනක සිරකරුවෙක්නම් දක්නට නොහැකි විය.

1 වසරේදී මතකයේ ඇදුනු තවත් පුවත් පතක්නම් "සිඟිති සිත්තර"නැමති චිත්‍ර කතා පත්තරයයි.පොඩි ළමුන්ගේ කතා ඇතුලත් එය මතකයේ රැදීමට ප්‍රධාන හේතුවනම් කටුස්සා එය රැගෙන පාසලට ගිය විට පොඩිළමුන්ට චිත්‍රකතා කියවීමට දීම අහිතකර වේ යැයි ගුරුවරු බොහෝ දෙනෙකු කටුස්සාගේ මවට පවසා තිබීමත්;ඇය නිවසට පැමිණ කිවීමත් නිසාය.එමනිසා පත්තරය මිලට ගැනීම නොනැවතුනු නමුදු පාසලට  රැගෙන යාම තහනම් විය.චිත්‍ර කතා කියවීමෙන් මිනිසුන් නරක් වේයැයි පවසන කතාවේ ඇත්ත නැත්ත බැලීමට නොහැකි වුවේ "සිඟිති සිත්තර"කටුස්සා කියවු ප්‍රථම හා අවසාන චිත්‍ර කතා පත්තරය වූ නිසාවෙනි.(කටුස්සා නරක් වුවේ සිඟිති සිත්තර නිසා නොවන බව කාරුණිකව දන්වමි ).සිඟිති සිත්තර වැඩිකල් නොගොස් ප්‍රකාශයට පත්කිරීම නැවතුනි.ඉන්පසු කටුස්සා 2-3වසරට යාමේදි පුන්චි,කැකුළු නතර වී ඒ වෙනුවට හපනා,විජය හා මිහිර යන පුවත් පත් ආදේශවිය.මින් වඩාත්ම ආශාකල පත්තරය වුවේ විජය පත්තරයයි.එම ආශාව කොතෙක්ද යත් අදද පුවත් පත් කඩයකට ගොඩවු විට විජය පත්තරේ දුටු විට රැගෙන ඒමේ පුරුද්දක් කටුස්සාට ඇත.විජය පත්තරේ අමතක නොවන විශේෂාන්ගයනම් "මල් මාමා නොහොත් මකාගේ යලක් "ය.එය මා දන්නා කාලයේ පටන් අද දක්වා ඇති කතාවකි.රජ්ජුරුවෝ,පුරෝහිත හා යෝදයා සිටින කතාවත් දෙවනි පිටුවේ ගිය රූප සටහන් මගින් නොයෙක් කරුනු ඉදිරිපත්කළ විශේෂාන්ගයද තවමත් මතකයේ රැවුදේ.රූප පැහැදිලි කිරීම් වලින් වඩාත්ම ආශාවෙන් කියවු ඩ්යිනෝසෝරයන් පිළිබද විශේශාන්ග  එකතුව කපා පොතක ඇලවු ආකාරයද අද මෙන් මතකයේ රැදී පවතී.හපනා පුවත්පතේ ගිය 'බිග්ෆුට්' නැමති කතාවද කටුස්සා ආශාවෙන් කියවූවකි.

 අප විදුහලේ ඉඩ පහසුකම් මදබව නිසා කටුස්සාගේ 3 වසර පන්ති ආර්ම්භ වුවේ උදෑසන 11ටය.එමනිසා එම අවුරුද්දේ උදය වරුවේ කටුස්සා හොදට නිදාගත්තේය.කටුස්සාගේ නිවස ඉදිරිපිට පාරෙන් අනික්පස කටුස්සාගේ මාමාගේ තේ සහ සිල්ලර කඩය පිහිටා තිබුනි.උදය වරුවේ කිරීමට වැඩක් නැති කටුස්සා මෙම කඩයේ කරක් ගැසීමට හුරු විය.එම කාලයේදී කඩයට දිනපතා දිවයින මිලට ගත්තේය.මෙම කාලයේ කොටි ත්‍රස්තයන් විසින් හමුදා කදවුරකට පහරදී විශාල විනාශයක් කර එය අල්ලාගැනීම කඩයට එන කාගේත් ප්‍රධාන මාතෘකාව වී තිබුනි.එම ප්‍රහාරයෙන් මියගියායැයි සැලකූ හමුදා බටයකු තමාගේ 7 දවසේ බණත් දුන් පසු නිවසට පමිණීමේ පුවතක් දිවයිනේ සදහන්ව තිබූ බවක් මාමා පවසනු ඇසුනු කටුස්සා එම පුවත කියවීමට දිවයින කියවීය.එය කටුස්සාගේ පළමු දිනපතා පුවත් පත් කියවීම විය.ඉන්පසු සෑම උදෑසනකම කඩයට රින්ගන කටුස්සා දිවයින බැලීමට ඇබ්බැහි විය.එම ඇබ්බැහිය කොතෙක් දුර ගියේද යත් මාස 6 යාමට ප්‍රථම කටුස්සාගේබලපෑම මත කටුසු නිවසටත් දිවයින මිලට ගත්තේය.එහෙත් දැනට අවුරුදු 5 පමණ පෙර සිට දිවයින මිලට ගැනීම අත්හිටවුවේ එය සිළුමිණටත් වඩා ආණ්ඩුවට කඩේ ගිය බැවිනි.

 හය වසරෙන් පසු ටියුශන් යාමට පටන්ගත් කටුස්සා ඒ සදහා ගියේ තලාහේන ප්‍රදේශයටය.එම පන්තිය නිමවීමෙන් පසුව කොලුනඩය සමග පයින් මාලබේට පැමිණීමට හුරු වූ කටුස්සාට මාලබේ හන්දියට මෙහායින් තවත් පත්තර කඩයක් හමුවිය.එම පත්තර කඩය නිසා එකල කියවීමට හුරු වූ තවත් පත්තර 2ක් වූවේ "සමුදුර" "විදුසර" පත්තර හා "මුතුහර" සඟරාවයි.අදටත් මා විසින් කියවූ හොදම පුවත් පත ලෙස මා දකින්නේ සමුදුර පුවත් පතයි.ජන්ජාලය හෝ ඒහා සමාන කිසිම පහසුකමක් නොතිබූ අවදියක ,අඩුම වශයෙන් පොතක් කියවා තේරුම් ගැනීමට තරම් කඩ්ඩත් බැරි අවදියක ;"සමුදුර"යනු කටුස්සාට ලෝකය ගැන නෙත් විවර කල කැඩපතක්ම විය.එය කටුස්සාගේ ප්‍රථම රීඩර්ස් ඩයජස්ට් වර්ගයේ අත්දැකීම විය.අනිත් පුවත් පත වූවේ 'විදුසරයි'.එම කාලයත් හා සසදන විට එය කටුස්සාට තරමට වැඩි පත්තරයක් විය.එහෙත් කටුස්සා එය මිලට ගත්තේ කියවීමට ඇති ආශාව නිසාමය.එහි මතකයට නගාගතහැකි නිශ්චිත විශේශාන්ගයක් නොමැති වූවත් 3 වෙනි පිටුවේ ලියා තිබු දිනපොතකුත් කෙටි කතාවත් මහත් ආශාවෙන් කියවු බව මතකය.අඩන්නට හිටිය මිනිහට ඇගිල්ලෙන් ඇන්නා සේ කටුස්සාගේ ඥාතී සහෝදරයකු විසින් කටුස්සාට ඔහු සතු පැරණි අවුරුදු 3ක විදුසර පත්තර තොගයක් ලබාදුන්නේද මෙම කාලයේදීය.පරණ පත්තර කඩේක පෙනුමක් කාමරයට ගෙනදුන් මෙම පත්තර තොගය ඉවත් කලේ මෑතකදී  අනුරාධපුරයට සිදුවූ සන්ක්‍රමණය නිසාය. 

 මතකයේ රැදුනු අනිකුත් සුවිශේෂී මන්සළකුණ වුවේ "මුතුහර" සඟරාවයි.ලියා පෙන්විය නොහැකි තරම් දැනුම් සම්භාරයක් මුතුහර තුලින් ලබාගතිමි.1993 සිට එහෙන් මෙහෙන් කියවූ මුතුහර පිළිවෙලකට මිලදී ගනු ලැබුවේ 1996 සිටය.චන්ද්‍රිකා පාලන සමයේ සන්ඩේ ලීඩර් සමාගමට එල්ල වූ දේශපාලන බලපෑම් නිසා  කාලයක් මුතුහර මුද්‍රනය නතරවී තිබුනි.නැවත මුද්‍රණය ආර්ම්භකලත් එතැන් සිට මුතුහර පෙන්වුවේ වල කරා යන ගමනකි.වර්ථමානයේ මුතුහර සඟරාවට අත්වී ඇති ඉරණම ශෝක ජනක වී ඇත.එතරම් දැනුම් සම්භාරයක් ලබාදුන් මුතුහර දැන් මොන්ටිසෝරී පොතක් බවට පත්වී ඇත.එහෙත් එම අඩුව පිරවීමට බේරේවැවෙන් මුද්‍රණය කරන "දැනමුතු" සමත් වී ඇත.මුතුහර සාර්තක යුගයන්හී කතුවරයා වූ  කුමාර සිරිවර්ධන විසින් ප්‍රධාන කතුවර ධූරය උසුලන දැනමුතු එකල මුතුහර මෙන්ම කටුස්සාගේ මනදොල පිනවීමට සමත් වී ඇත.
 A/L සහ O/L කල කාලයේදී කටුස්සාට මිලට ගැනීමට අළුත් පත්තරයක් තිබුනේම නැති තරම්ය.එහෙත් ඉදහිට "සාධන" පුවත් පත මිලට ගත්තේ අමතර පත්තර තාමත් කියවනවා යැයි  අම්මාට පෙන්නා අම්මා රෑවටීමට පමණි."සාධන" යනු මටනම් මෙලෝ රහක් නැති පත්තරකි.එය පත්තරයක් නොව තවත් අච්චු පොතක්,ප්‍රශ්න පත්තර මිටියක් පමණක්ම විය.එහෙත් එකල දිනපතා ලන්කාදීප සහ ඉරිදා පත්තර තොගයම බැලීමට කටුස්සා හුරු විය.මේ අතර තුර කටුස්සාගේ මාමාගෙන් කටුස්සාට තෑග්ගක් ලැබුනි.ඒ 1961-1985 දක්වා වූ දවස,රිවිරැස යන පුවත්පත් වල මුල් පිටු එකතු කර මුද්‍රණය කල පොතකි.එහි පින්තූර කිහිපයක් පහත දක්වා ඇත.ඔහු පැවසූ ආකාරයටනම් මෙවනි පොත් මුද්‍රණය කර ඇත්තේ 5ක් පමණි.එහි ඇත්ත නැත්ත කටුස්සා නොදන්නා මුත් අදත් හිටපු ගමන් අතීතයට යාමට සිත්වූ විට මෙම පොත පෙරළීම කටුස්සාගේ සිරිතයි.

 ඉහත සදහන් පත්තර වලට අමතරව කටුස්සගේ අම්මා විසින් මිලට ගන්නා ලද කාන්තා පත්තර ගොන්නද කියවීමට කටුස්සා හුරු වී ඇත.එම පත්තර ගොන්නෙහි මතක ඇති පැරණිතම පුවත්පත වන්නේ වනිතා විත්ති නම් සඟරාවකි.1හෝ2වසරේ සිටියදී වනිතා විත්තීයේ විහිලු කතා කියවුවා කටුස්සාට මතකය.තරුණි,නවලිය,සිරිකත,රැජිණ යන  කාන්තා පුවත් පත්ද කටුස්සා විසින් මතක ඇති කාලයේ සිට කියවන ලැබුවේය.ඉන් සමහර පුවත්පත් වල පලවූ නවකතාද කටුස්සා නොකඩවා කියවන ලදී.එහෙත් දැන්  කියවීමට කටුස්සාඅමතර පුවත්පත් නැත.ඇත්නම් ඒ දැනමුතු පමණි.නැති එකද හොදය.ඒ කටුස්සගේ කර මත පැටවී ඇති වැඩ නිසාය.ඕවා තිබුනානම් කියවා මිස වැඩ පටන්ගන්නේ නැත.එහෙත් එවිට කටුස්සගේ පියාගේ පුෂ්පය විකසිතවී කටුස්සාව නිවසින් එළියට ඇද දැමීම වුව සිදුවීමට ඉඩ ඇත.එසේ වුනිනම් පත්තර කියවීම නිසා හිඟාකන තරුණයෙක් මැයින් ලියූ ලිපියක් පුවත් පතකින් කියවීමට ඔබට වරම් ලැබෙනු නොඅනුමානය.




                                                                    කටුස්සා...

18 comments:

  1. හම්මේ කසුට්ටගෙ මතකෙ මට නං ඉස්සරෝම කියවපුපොත මොකද්ද කියලවත් මතක නෑ.. ඒත් මාත් කටුසුස වගේ තමා අතට අහුවෙන ඕන දෙයක් ඕන වෙලාවක වයස අරක මේක නොබල කියෙව්ව... අදටත් ඒ පිස්සුව එහෙම්මමයි...
    මටත් එපාම කරපු පත්තරයක් බං සාධන කියන්නෙ දැක්කම බඩ යන්න එනව..මාත් කාලයක් විදුසර ගත්ත ඒ විද්‍යා ප්‍රබන්ධ අනං මනං කියවන්න.. විජය පත්තරේ ගියපු මලිත්තා මතකද උඹට... මල් මාමට වඩා පට්ටෙ මලිත්ත බං සුපිරිම කතාව ඒ දවස් වලග.. මං ගාව මෑතක් වෙනකං තිබ්බ.. මිහිරෙත් හොද කතා ගියා ඒ හැටි මතකයක් නැ... මට මං ඉස්සල්ලාම කියවපු ලොකුම පොත මතකයි ඇනා කැරනිනා... ලොවෙත් නෑ ඉතිං තේරුනා නොතේරුණා මතකත් නෑ හැබැයි කතාව ලස්සනට හිතට වැදුණ...
    උඹ නං මතක ගබඩාවක් බං..
    අර අන්තිමට කියපු පොත් වල තියේද බලපං ඩඩ්ලිට තුනම නෑ කියල හෙඩිමක් තියේ නංකියකො.. පුලුවන්නං ඒක පොටෝවක් ගහල දාකො.
    අායෙත් එන්නංකො...
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. මලිත්ත මට මතක නෑ මචන්.මිහිරෙත් ලස්සන කතා ගියා තමයි.අර බටකොල ආච්චිගෙ කතාව එහෙම යන්තන් මතකයි.මම නවකතාවක් කියෙවුවෙ ඉස්සල්ලම 3 වසරෙ."රණ තිසරු",ජයකොඩි සෙනවිරත්න මහත්මයගේ.අක්කගෙ පොතක්.මටත් ඒ ලවු ගැන මෙලො දෙයක් තේරුනේ නෑ.ඒත් කියෙවුව.
      ඩඩ්ලිගෙ උඹ ඉල්ලන හෙඩිම මේ පොතේ නෑ මචන්.මම හිතන විදිහට ඔය කතාව උනේ 50 ගනන්වල.මේ පොතේ තියෙන්නෙ 60 ගනන්වල ඉදල මචෝ.
      මේ ලිපිය කියවල අදහස් දැක්වූවට බොහොමත් ස්තූතියි.

      Delete
  2. මුතුහර නම් මාත් කියෙව්වා මතකයි, එත් මේ තරම් මතකයක්, කටුසු මාරයිනේ

    ReplyDelete
    Replies
    1. මාරයි කිවුවට මාරම නෑ ඒ තරම්.අපේ අම්මට එහෙම ඇහෙන්න කියන්න එපා.තාම බනින කොට කියනව,වල්පල් මතක තියාගන්න වෙලේ ඕන කරන දෙයක් මතක තියාගනින් කියල.වැඩේ කියන්නෙ අමතක වෙන්නෙම ඒව තමයි.
      අනික්ව වගේම මේ ලිපියත් කියවල අදහස් දැක්වුවාට ස්තුතියි ඉවාන්

      Delete
  3. ඔබ මාව මගේ අතීතයට යැව්වා.. මට මතකයි මං එහෙම මුලින්ම ක්යවපු පොත්, වලස්සු තුන්දෙනා-ලියෝ තෝල්ස්තෝයි, වල් හංසයෝ, වාසනාවන්ත අම්මා... හරිම මිහිරියි..

    ඔබට සුබ පතනවා...දිගු ගමනකට ආසිරි.

    ReplyDelete
    Replies
    1. චී චී මනෝෂ්! වල් හංසයෝ කිව්වා?? :P

      Delete
    2. සුභ පැතුමට ස්තුතියි.මනෝෂ්;පේන විදිහට පොඩිකාලේ රුසියන් පොත්වලට වහ වැටිල වගෙයි.ඔය පොත් ගොඩේ තිබුන අමතක වෙන්නෙ නැති පොතක් තමයි "හත්පෙති මල".
      තරු,සිරාවට වල් හන්සයොනම් මම කියවලත් නෑ.මනෝෂ්ම තමයි ඔය හන්සය ගැන දන්නේ

      Delete
  4. කටුසු.........නියම පත්තර පොත් ටිකක්නේ. මාර වටිනවා. ඒ බොහොමයක් නිව්ස් මට මතකයි. 1962/09/06 හෙඩ්ලයින්ස් මොනවාද කියලා දාන්නකෝ තරහ නැතුව.

    ReplyDelete
    Replies
    1. අරූ අයියේ,ඒ පොතේ හැම දවසකම මුල් පිටු නෑ.එක එක කාලවල වැදගත් පුවත් තියන ඒව විතරයි තියෙන්නේ.හැබැයි ඒව මොන පදනමින් තෝරගත්තද කියල දන්නෙ නෑ.ඔය කියන මාසේ එක පිටුවක්වත් ඒකෙ නෑ.මේ පොතේ ඔක්කොම පිටු අප්ලෝඩ් කරන්න පුළුවන් වුනාට අවුල තියෙන්නෙ මගේ scanner 1න් මේ පොත scan කරන්න බෑ.පොත ලොකු වැඩියි.

      Delete
    2. ඒ ගැන නෝ වොරිස්.....ඔව්වා ඔහොම රැක බලාගනින්. මට උඹලාගේ ලෑතර , කරවල කේස් එක නැගලා ගියා. ඒක යකෝ හරි උපහාස්තමක ගැලපීමක්. උඹලා උඹලා පොඩි පොඩි වැඩ කරන්න පුළුවන් උදවිය. ඔය බූරු පොතේ පච දොඩනවාට වඩා අපිටත් ඉගෙනගන්න යමක් ලියපන්.

      Delete
    3. ඔය බූරු පොතේ පච දොඩනවාට වඩා අපිටත් ඉගෙනගන්න යමක් ලියපන්.
      +++++++++++++++++++

      Delete
  5. //We're sorry...

    We were unable to handle your request. Please try again or return a bit later.//
    කටුස්සෝ කටුස්සෝ..මොකක් වෙලාද ඔයාගේ ෆලොවින් ගැජට්ටුවට...මම දැන් දවස් ගාණක් ට්‍රයි කරනවා තරුවලට කටුස්සෝ ෆලෝ කරන්න බැහැයි කියන්නේ...!! :/

    ReplyDelete
    Replies
    1. ඒයී..යීඊඊඊඊඊඊඊ!!
      මමත් කියෙව්වා පුංචි කාලේ "පුංචි", "කැකුළු", "බිංදු"තව "චූටි තරු"
      මිස්ටර් ෆොක්ස් බැලුවේ හරිම ආසවෙන් ඒ දවස්වල...විශ්වාස කරනවද ඒ පත්තර ලඟක් වෙනකම්ම තිබුණා මං ලඟ...හරියට කියනවානම් අවුරුදු 23ක් විතර...2013 වෙනකල්...
      ඊටපස්සේ "හපනා", "සමතා"ඉන්පස්සේ "විජය" "මිහිර" "නවයුගය" "මුතුහර" "විදුසර"...අනේ ඒ කාලේ ආයේ එනවනම්..:)

      අනිවර්යෙන්ම කටුස්සෝ ඔයා 80 දශකයේ මුල හෝ මැද උපන් එකෙක්වෙන්ටම ඕන..ඔය කියන පුරුදු මටත් එහෙමම තිබුණා..මේ ලිවිල්ල කියවද්දී ඒ රස අතීතෙට ආයෙත් යනවා...
      ජයවේවා!!

      Delete
    2. තරුයි කටුස්සයි කියන්නේ ලෑතරයි කරවලයි වගේ නිසා ෆලොවින් ගැජට් බෑ කියනවද දන්නේ නෑ.මොකක් හරි අවුලක් තිබුන.ඒත් දැන්නම් හරි මම දන්න විදිහට.මම ඒක බලල බොට මේල්ලුවක් එවන්නම්.

      ඔය අතීතෙ 80 දශකෙන් මෙහා එවුන්ට ලැබුනෙ නෑ තරූ.උන් සම්පූර්නයෙන්ම මැශින් වුනා පොඩි කාලෙ ඉදන්ම.මම 1984 ඉපදුනු එකෙක්.
      මචෝ,කමෙන්ට් දාන කොට පරිස්සමෙන්,නැත්තන් වයස එලිවෙනව උඹටත් හොරෙන්ම.

      Delete
    3. තාම බෑ කියනවා ෆලෝවින්!
      වෑතරයි කරවලයි...මරු උපමාව..දැන් කවුද වෑතර කවුද කරවල? :P
      //ඔය අතීතෙ 80 දශකෙන් මෙහා එවුන්ට ලැබුනෙ නෑ තරූ// ++++ අනිවාර්යෙන්ම..:)
      හැක් හැක්...අපි වයස හංගන්නම උපන් ජාතියක් ;)කටුස්සෝ..කොහොමවුණත් කටුස්සා ඉපදිලා තියෙන්නෙ තරු පේන්න කලින්.හික් හික් හික්...

      Delete
  6. මම විජය කියෙව්වෙ 80 විතර ඉඳල. ඔය මකාගෙ යලක් මුලින් තිබ්බෙ මල් මාමා නමින්ම. ඔය මල පැලවෙන්නෙ මෙහෙමයි. මලමාමට මල් ඇටයක් නයට යනව. මිනිහ ඩොක්ටර්ගෙන් බෙහෙත් ගන්න යනව. එනකොට තඩි බෙහෙත් ගොඩ එක්ක මිනිහ හැපෙනව මල් පෝර අරන් යන කෙනෙක්ගෙ ඇඟේ. දෙන්නගෙ බෙහෙත් මාරු වෙනව්ව. නහයෙ මල වැඩෙනව. ඉස්සර ඕක කපන්න ගිහින් කතුරු කැඩෙන හැටි අරව මේව ලෙඩ කෝටියයි. කෝපි කඩේ වගේ මිනිහ අවුරුදුගානක් ඔය සීන් එක ඇදගෙන ගියා.

    අනික විජයෙ දෙනව කාල සටහනක් හරි කැලැන්ඩරයක් හරි, ඔය කතා වල ඉන්න සේරම චරිත ඉන්න. ඒක මරු.

    සමුදුර දැන් නං නිකන් නේද දෙන්නෙ?

    ReplyDelete
  7. ඔවු..සමුදුර දැන් නිකන් දෙන්නෙ ලක්බිම පත්තරෙත් එක්ක.ඒත් ලක්බිම ගන්නෙ නැති නිසා ඒක දැන් මග ඇරිල.ඒ වුනාට හිතනම් කියන්නේ දැන් දෙන සමුදුර ඉස්සර එක වගේ නෑ කියල.
    කාල සටහනනම් මටත් මතකයි.ඉන්න චරිත හැම එකක්ම ඒක වටේ එල්ලිල ඉන්නව

    ReplyDelete