Sunday, October 5, 2014

ආයාචනය.....










එබී බලන්න.....
තව එකම එක වතාවක්
දඟකාර ඔය හිතට
එදිනට ඔබට හැගේවි.....
හිතට හොරෙන් සෙනෙහසක්
සෙමෙන් පූදින අයුරු
සත්තමයි ඔබට දැනේවි.......
ආදරය පූදින අයුරු
මේ සොදුරු තාරුණ‍ය්‍යෙ
පිළිගන්න ඔබේ දිවි මගට මාව
කිසිදාක ඔබ නොදැන සිටිය මුත්
රත්තරO.......ළබැදිය
මම විතරක්ම තනියම
ඔබේ සෙනෙහස ගැනම සිතුව හැටි
මහ සයුරටත් එහා......
විසල් ආකාසෙටත් වඩා.....


කිසිදාක ඔබේ හුරුබුහුටි සිත.....
නොපැතු පතුම් ගොන්නත් මමයි
නොසිතු සිතුමන් බින්දත් මමයි
අනේ ඔබ ගැන දිනක
අනන්ත විශ්වයටත් වඩා
නෙතු පැතූ කථන්දර
සිත ගෙතූ සිහින වැල්
සිදදමාලන්න නම් එපා
ඔබේ ආදරයෙන් දුරස් වු ජීවිතය.....
පාලු කලු හිස්තැනක් වී තියේවි......
රත්තරO.......සදහටම......




                                     කටුස්සා...... 

photo credits-ayomi chathurika

8 comments:

  1. දිගටම ලිවීමට ශක්තිය ධෛර්යය ලැබේවා...!!!

    ReplyDelete
  2. අත් අරින්නේ නෑ.බොහොමත් ස්තුතියි

    ReplyDelete
  3. ඇත්තටම ආදරෙන් දුරස් වුනාම ජිවීතේ හිස්තැනක් තමා....
    එලකිරි බන්....

    ReplyDelete
  4. ලියපං අපි එන්නං ලියන ලියන සැරේට

    ReplyDelete
    Replies
    1. සතුටුයි කිචියෝ.................

      අවුරුද්දකට විතර පස්සේ හැංගිලා තිබ්බ කවියක් අායම කරලියට ගෙනැල්ලා ඔබේ අදහස් ඒ වෙනුවෙන් ඒකතු කරන්න පුළුවන් වුණාට.... මං හිතන්නේ තාම කසුට්ටා සිද්ධිය දැක්කේ නැහැ.... බලමුකෝ අදහස්

      Delete
    2. කොහෙ දකින්නද දෙයියනේ....ඌ අපිත් එක්ක තලවකැලේ ගොහින් නොවැ හිටියේ.

      Delete
    3. කුරුටු පවුලේ සියල්ලෝ වෙත සෙනෙහසිනි,
      ඉස්සල්ලම සමාවියල්ලා මට පරක්කුවුනාට.මේ දවස්වල ජීවිතේ මහපාරේම ගෙවෙන නිසා ජංජාලගත වෙන්න තියන ඉඩ හරිම අඩුයි.මේ කරපු ඇගයීමට ගොඩක් ස්තූතියි පවුරේ හැමදෙනාටම.නවකයෙක් වුන මට මේතරම් දුරක් එන්න අත්වැල සපයපු ගොඩදෙනෙක් ඉන්නවා.මගේ බ්ලෝග් ගුරුවරු වුන "මාතලන්" සහ "අටමා", මගේ පළමු කමෙන්ටර් උන දවසේ ඉදන් හැමපෝස්ට් එකකටම පාහේ ඇවිත් කියවලා අදහස් දක්වන "රූපේ", නවකයෙක්වුන මාහට මිත්‍රත්වයේ දෑත් දිගුකල "තනිතරුවා" ,"මනෝශ්"හා හැමවිටම මාව දිරිගැන්වූ "අරූ අයියා" මේ වෙලාවේ අමතක කරන්නම බැරි චරිත හැමදාටම.ඒ උඹලා හැමදෙනාටමත් ගොඩක් ස්තූතියි මෙතනදී මාව තනිනොකලාට.තාමත් කවියෙක් කියලා නොසිතෙන මගේ පද හරඹ මේ විදිහට අකුරුකරන්න මග පෑදුව ඇයටත් ගොඩක් පිං.ඇය මාව අත්හැර නොගියානම් අදටත් මම අවුරුද්දට එක පාරක් උපන්දින සුභ පැතුම්පතක පද කුරුටුගාන මැශිමක් විතරයි.

      කිචියෝ,සඳමාලියෝ,මලියෝ ...කුරුට්ටන්ගේ සටහන දැකලා මෙතනට ඇවිත් අදහස් දැක්වූවාට උඹලා හැමෝටම ගොඩක් ස්තූතියි.ආයිමත් මට මේ ඇගයීම ,අවස්තාව ලබල දුන්න කුරුටු පවුලේ මිත්‍රත්වයට ස්තූතියි මාත් එක්ක ඉන්නවාට මේ විදිහට.ඒ මිත්‍රත්වය හැමදාටම ඒ විදිහට තියෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.....

      Delete
  5. නෙත් කෙවෙනි දෝරෙ යන
    මත් සිහින පුරාවට
    මං පැතුවෙ ඔබම බව
    කියන්නට බැහැය අද
    ගොළුය මුව සදහටම
    නොනිමි දිවි තලාවම
    පැතුමකින් ඔකඳ කළ
    ඔබ යළිදු දකින්නට
    ඉමි සසර පුරාවට

    ReplyDelete