Sunday, October 5, 2014

ඔබ...














ඔබ නොදුටු සද දෙනුවන් පුරාවෙන් මොර සදිසි කදුලු කඩා වැටෙන්නේ
                ස්නෙහය නිසමදැයි මම නොදනිමි
නමුත් එකක්නම් දනිමි,නුඹ දෙනුවන් පුරා විදගත් කල
මොර සදිසි කදුලුවලින් මේ ඇස් බොදවුවේ,දරාගන්න බැරි තරමටම
       අප දෙදෙනා එක්ව හිනවුන දිනයන්හිදී පමනක් බවනම් ඉදුරාම දනිමි......


 නමුදු ජීවිතය තිළිණකල සෙනෙහස හෝපලු කුසුමක්ව
       හද පුදසුන තබා පිදුම් ලබද්දී,ජීවිතය ඉල්ලා මොරගෑමට දෙතොලකට ඇති අයිතිය
මදකුදු නොසලකීමට තරම් නුඹ රුදුරුවුයේ ඇයිදැයි පමණක්
                 මම නුඹෙන් අසමි.


ජීවිතය දුකකි,අපමණ දුකකි.......ඒ නුඹ නිසාමදැයි මම නොවිමසමි
එහෙත් දිනක නුඹ තිළින කල ආදරය ගැන පමනක් විමසමි.



 ලා රත්පාට ඉර මුහුදේ ගිලෙන එක ළිහිනියන්ට වගක් නැතිවග දනිමි.හෙටත් ඉර පායන වග දැනගන ඉන්න උන්ට හමුවීම වෙන්වීම පිළිබද පසුතැවිල්ලක් නැතිවගද දනිමි.නමුත් නුඹත් ඒ රෑනේ ළිහිනියකුයැයි කිසිදිනක නොසිතුවෙමි.මේ කවි කතා නොනවත්වාම අකුරු කරන්නේ නුඹ වෙනුවෙන්දැයි නොඅසමි.ඒත් හැමදාම සුළගට තනුවක් කියාදුන්නු වැටකෙයියා පදුරක්වගේ මේ සියල්ලට රිද්මයත් තාලයත් අකුරු කෙරුවේ නුඹ හමුවු දා පටන් බව ඉදුරාම දනිමි.


තරු පොකුරු ගතු කියන,කණාමැදිරියෝ හූල්ලන අන්ධකාර රාත්‍රිය  ටිකෙන් ටික එළඹෙන කොට පාර දිගට පත්තුවෙන වීදිපහන්වල දැවටෙන අහින්සක මෙරුවන්ට තටුත්,ජීවිතයත් අහිමි වෙනවළු.ගොළුවන් වගේ ඈත ආකාසෙ දිහා බලාගන ඇස්වලින් හිනාවුන කාලෙ හීනයක් වේවි කියල පිළිගන්න මේ ප්‍රේමණීය හිත සුදානම් නෑ.

 සද පායන කොට පුන්චියට පිපෙන කුමුදු මල් හිනාවෙලා ඒ හදට පෙම් කරනවලු.ඒත් කවදාවත් හදට කුමුදු ලැබෙන්නෙ නෑනෙ.උස කන්දකට නැග්ගහම ඒ හද ලගයි තමයි.ඒත් අල්ලගන්න තරම් ලගපාතකට නෙමෙයිනෙ.සමාන්තර රේල් පීළි දෙකක් වගේ දෙපැත්තට වෙලා පුලුවන් තරම් ගතු කියාගන මේ ආදරය බාල්දු කරද්දිත් ,සත්තමයි මට ඔයාව නොලබෙන වග විහිලුවටවත් හිතුනෙ නෑ......


       ඔයා මගේ නෙමෙයි කියල චුට්ටක්වත් දනුනෙ නෑ....

සිද්ධ නොවිය යුතු හුගක් දේවල් සිද්ධ වුනාට පස්සෙ සමුගන යන්න විතරක්
    ඔයා කොහොම හිත හදාගන ආවද මන්ද?...........


බලාපොරොත්තු වැඩිවන තරමට ඒවා බිදෙන බව හැබෑව.....
මොන තරන් ආදරෙන් අල්ලන් හිටියත්
    චුට්ටක් හරි අතැරුනොත් හැම මලක්ම නටුවට වඩා හුළගට ආදරය කරනව....
ඊසාන දිග මෝසමේ උනත් පතොක් කටුවක් කවදාවත්ම සිනිදු වෙන්නෙ නෑනේ
හරියට මුරුගසන් වරුසාවකට වුණත් මහා කලුගල් දියවෙන්නෙ නෑ වගේ.....



 කමක් නෑ....මම තරහ නෑ.....ප්‍රේමණීය හිත් කවදාවත්ම අනාදරයෙන් පිරෙන්නෙ නෑ.....


මගෙන් ගිලිහුණු ඔය දෑත මල් කළඹක් අරන් පෝරුවක් උඩ ඉන්නව දකින්න මම හරිම ආසයි
පිටුපාපු දෙනෙත පුරහද අභියස පහන් වැට අද්දරින් දිළිසෙනව බලන්න මම ආසයි
ආදරයෙන් පිරුන හිතක වෛරයකට ඉඩක් තියෙන්න බෑ.....



 මේ වේදනාවෙන් පිරුන සමුගැන්මෙදි ,හැමදාම මම ආදරය කරපු......
      ඔයාගෙ රෝස නළලට හාදුවක් දෙන්න මට බැ
අයිති නැති ශරීරයකට එහෙම කරන එක වරදක්ලු.....
මගේ ඇගිලි වලින් ඔයාගෙ පුන්චි ඇගිළිතුඩු අල්ලාගන,
      මේ හිතේ තියන දුක ඔයා ගාව වමාරන්න මට බෑ.....


ඒක බොහොම අසාධාරනයිලු.......

ජාති ජාතිත් ඔයා මගේමයි කියල පතන්න මට බෑ......

         ඔයා ඒකට කැමති නෑ.....
ඒත්.....ඒත් ඔයාට ඒක නතර කරල දාන්නත් බෑ......





                                                   කටුස්සා......










4 comments:

  1. //ඊසාන දිග මෝසමේ උනත් පතොක් කටුවක් කවදාවත්ම සිනිදු වෙන්නෙ නෑනේ
    හරියට මුරුගසන් වරුසාවකට වුණත් මහා කලුගල් දියවෙන්නෙ නෑ වගේ.....
    // ඇත්ත..

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට ඒක තේරුම් අරගන නොතේරුනා වගේ ,ගල් දියවෙනකම් බලන් හිටපු වෙලාවලුත් තිබුන ජීවිතේ....

      Delete
  2. //බලාපොරොත්තු වැඩිවන තරමට ඒවා බිදෙන බව හැබෑව.....
    මොන තරන් ආදරෙන් අල්ලන් හිටියත්//
    අතහැරෙන ජීවිතේ අල්ලලා තියාගන්න හදනකොට වැඩියෙන් රිදෙන්නෙ අපිට කටුස්සෝ. ඒක හරියට බිඳුනු වීදුරුවක් අත කැපෙද්දිත් අල්ලන් ඉන්නව වගේ එකක්.

    ReplyDelete
  3. හ්ම්ම්....ඒත් අවුල තියෙන්නෙ ඒ බව දැන දැනම ඒ වේදනාවට ආදරේ කරන තරමටම හිත; ඒ වේදනාවම ඉල්ලන එකනෙ.....

    ReplyDelete