Tuesday, February 13, 2018

මහපොළවට නොව මිනිස්කමට...


ලේ...

ගලපුදෙන් හැමතැනම
ඔය මදිය පිපාසෙට
ඔලුගාන ගැන ගැනම
හුරේ දැමු මිනිසුන්ට

ජාතියක් ජන්මයක්
අවැසිනැති අහස යට

ලේ පිලී ඉවකරන් - වැඩට යන යක්කුන්ට
මොල කෑලී කර තියන් - තෙල බෙදන අමනුන්ට
පස් ගොඩට පෙම් බඳින - බිලි යදින හිවලුන්ට
ඕජසින් කුස පිරෙන - හොරිකඩම බල්ලන්ට

කුස පිරෙන තලු මැරෙන
හෝරාව එළඹ ඇත

මදිය තව ගැලුව ලෙය
හලාපන් පොළවටම
කොඩිය මැද සිංහයට
විළිරුදා එන්නේ නැත

ඇසට ඇස දතට දත
ඔරවමින් තවම ඇත


කටුස්සා....









12 comments:

  1. අඩෝ... නිකං ඊරිසියාකාර කුහක කතා කියන්ඩ එපා .....

    ReplyDelete
  2. දේශද්‍රෝහිය.. උඹ ඡන්දේ වත් දැම්මද කියපං යකෝ රට ගැන කතා කරන්න.. හුහ්.. අපි ජාතියාලෙන් පණ උනත් දෙන්න ලෑස්තියි යකෝ.. මරාගෙන මැරෙනවා යකෝ..

    ReplyDelete
  3. මේ පුතා ඔයාට රට ජාතිය කැක්කුමක් නැතිඋනාට අපිට කැක්කුමක් තියනව හරී.

    ReplyDelete
  4. මේකනන් මරු... ජාති ආගම් කියන්නෙත් බෙදීම් තමා...

    ReplyDelete
  5. //ඇසට ඇස දතට දත
    ඔරවමින් තවම ඇත//
    ඔතන තිස් අවුරුදු කතාවම තියනව,ඒ විතරක් නෙවේ,තිහට ඉස්සල්ල,තිහට පස්සෙ කතාව

    ReplyDelete
  6. //ඇසට ඇස දතට දත
    ඔරවමින් තවම ඇත//
    +++++++++++++

    ReplyDelete
  7. අරුත්බර නිර්මාණයක්. ජය වේවා

    ReplyDelete
  8. ඇසට ඇස දතට දත
    ඔරවමින් තවම ඇත

    ReplyDelete
  9. ජාතියක් ජන්මයක්
    අවැසිනැති අහස යට ❤️

    ReplyDelete