Thursday, November 2, 2017

මගේ නින්ද ආයේ බිඳී



සඳ තරුත් සමගින් ඉඟිමැරූ
සිත පෙම්කරන මධු වසන්තේ
නුඹ සුළඟමය.... නුඹ සුළඟමය....
හමාවිත් දිවියම කැළඹවූ
සුවඳ දස අත විසිරවූ
නුඹ සුළඟමය....

නිදි නොමැති නෙතු අවදිව තැබූ
යන නොඑන මග නුඹවම පැතූ
නුඹ සුළඟමය.... නුඹ සුළඟමය....
නිසල සිතුවිළි සසලවූ
සිසිල ගත සිත පැතිරවූ
නුඹ සුළඟමය....

මුදු සිනිදු පෙති මත පිණි ඉසූ
රොන් සොයන බිඟු වල්මත් කෙරූ
නුඹ සුළඟමය.... නුඹ සුළඟමය....
නිවුන සිත ගින්නෙන් දැවූ
දැවි දැවී නුඹවම පැතූ
නුඹ සුළඟමය....


කටුස්සා....

15 comments:

  1. //නිවුන සිත ගින්නෙන් දැවූ
    දැවි දැවී නුඹවම පැතූ//

    රස යෙදුමක්.

    ජයවේවා!!!

    ReplyDelete
  2. සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ ..................
    විචාරක දියණිය

    ReplyDelete
  3. ලස්සන ටෙඩියො දෙන්න බං ...

    ReplyDelete
  4. Lassana ballo dennekge photo ekak...
    Yatin thiyena akuru kiyawanna therenne naha...
    Api oya bashawa igenagena nahane...

    ReplyDelete
  5. Lassana ballo dennekge photo ekak...
    Yatin thiyena akuru kiyawanna therenne naha...
    Api oya bashawa igenagena nahane...

    ReplyDelete
  6. ලස්සනයි...ගීතයක් වගේ

    ReplyDelete
  7. Replies
    1. මොකෝ බං මේ 9+ ඒක අලුත් විදිහක් ද

      Delete
  8. හ්ම්ම්ම්ම් මොකෝ මේ කටුස්සෝ?

    ReplyDelete
  9. කළු වලස් තඩියයි සුදු වලස් පැටියයි

    අඹයා....

    ReplyDelete
  10. ලස්සනයි කටුසු අයියේ <3

    ReplyDelete
  11. නිවුනු සිත ගින්නෙන් දැවූ
    දැවි දැවී නුඹවම පැතූ...
    ලස්සනයි ඒ යෙදුම

    ReplyDelete