Thursday, September 21, 2017

සියලු සත්වයෝ නිවන් දකිත්වා-2






නම නොදිරනා කයම දිරනා අකල්වට මේ දිවිමගේ
දිරන නොදිරන කුණු එකතුකර නිවා බඩපණු හාමතේ
තවුතිසාවට යන්න හෙම නොව පිදුවේ දොල අද මාවතේ
ලබන හැම භව කවුන්සිලයට යන්න කියලාමයි පුතේ

සුමනපාල ජයවතියේ තංගවේලු මෙහෙට වරෙන්
තියනවනම් සත පනහක් දාලා මේ කැට පුරවන්
නොඉල්ලාම සිල් රෙදි දුන් උත්තමයෝ බේරගනින්
රෙද්ද එලා සැතපීලා ජපන් කොඩිය ඇතිද බලන්

වත්තේනිසා උඹේ මිනිහගේ මරණෙට නොවැඩපු ලොකුනම
ජයවතියේ දැක්කද උඹ වඩින ගැම්ම කැට අරගන
පැකට් දෙකට ඇතුලට ගිය ලොකු එකාව සිහිකරගන
වරෙන් යන්න සල්ලි දීලා බේරගන්න මුන් හැමෝම

බෙන්ස් එකෙන් වැඩපු සාධු පාර දිගේ ඇදෙනා විට
පපුව පැලෙයි සුමනේ අයියේ වාවන්නෑ මට එතකොට
ටයිල් මලුවේ ගැටුන දෙපා තාර පොළව උහුලනකොට
හිතට බයයි පොළව පැළිලා ඇදගනයැයි කියා යටට

බුදුන් වදනත් වෙනස්කරගන කඩේ යන රැල තුටුකරන්
තාම සිවුරට වඳින අත් යලි එකතුකරගනු බැරි දුරින්
ඈත්කල හැටි දෙයියෝ බලලම කෑලිවත් නොසිටින ලෙසින්
හෙනම ගහපන් උඹේ තට්ටෙට පිණ්ඩපාතය වැඩි පිනෙන්


කටුස්සා....


චායාරූපය උපුටාගැනීම-
අභීත එදිරිසිංහගේ ෆේස්බුක් ගිණුමෙනි


9 comments:

  1. Replies
    1. හලීම නරකයි අනේ.. සියලු සත්වයෝ නිදුක්වෙත්වා කියලා හෙඩිමකින් මුලාකරලා අපිව මෙතනට ගෙන්නලා 'හෙන ගහපං' කියලා කියන්නේ.. .මොකද්ද අනේ ඔයා බෞද්ධයෙක් නොවෙන ___ ද? පිනක් කරගන්නවත් දෙන්නේ නැහැ ඒකටත් ඒවා මේවා කතන්දර හදනවා... ඊයා මෙයා

      Delete
  2. ++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  3. අබීතත් පිණ්ඩපාතෙ යනවද?

    ReplyDelete
  4. දැන් නියම හාමුදුරුවරු ඉන්නේ බොහොම අතලොස්සයි වැඩි දෙනෙකුට පවු පිරුණත් කියන්න වෙන්නේ චීවර ධාරීන් කියලා
    විචාරක දියණිය

    ReplyDelete
  5. සෙත් කවියට කෝල් කරලා වස් කවි කියලා
    කටුස්සො ඕම්මමයි

    ReplyDelete
  6. උද්වේකරයි..ඇත්තයි....විලි ලැජ්ජ නැතුව වැඩියනෙ අම්මපා පාත්තරෙත් අරං.

    ReplyDelete