Sunday, June 25, 2017

මචං පාදඩේ...



මචං පාදඩේ ඉතින් කොහොමද
සනීපද දැන් ආයිමත්
නැටුව රුසියන් කෑලි බලලම
ආතල්ද උඹටත් ගොඩක්
දවස් තුනකම ගාස්තුව නැති
සියිය පරවුන හිත්ගොඩක්
සනසවපු හැටි උඹත් මාරයි
දෙවනි වෙන්නෑ රජාටත්

අසූගානක් තුවාලලු නේ
පවුනේද බං පොඩි එවුන්
බලන්නටවත් බැරිවෙන්න ඇති
අස්සේ සමුලුවේ වැඩ ගොඩක්
එකෙක් දෙන්නෙක් මැරෙන්නෙම නෑ
මේක මහා හෙන කරුමයක්
ඔහොම කම්මැලි වෙලානම් බෑ
නැද්ද හංගපු ගල්කටස්

ඊයේ උන දේ අද මතක නැති
රටක ඉපදුණු තව එකෙක්
විතරමයි බං මොකක් වෙනවද
මතක නැති කොට ප්‍රථිපලත්
නෑම කිවුවට බලන්නැති බං
උඹත් රහසෙම හඳහනත්
අනේ චූටියා.... කියාපන්කෝ
තිබුනාද රජ යෝගයක්

විමල්ගේ පොත කියෙවුවද බං
හොයාගත්තද වෙලාවක්
වකුගඩුයි චැනලිනුයි අස්සේ
උඹ කරන වැඩ පුදුමයක්
හුස්මගන්නත් වෙලාවක් නැති
අපිට උඹනම් හෙන පොරක්
උඹට මෙන් ගුරුවරු හිටියනම්
අපිත් ලියනවා පොත් ගොඩක්

මචං පාදඩේ යලි කවදටදෝ
අවුස්සන්නේ පොඩි එවුන්
දෙසීයක්වත් නොපැලුනොත් ඔලු
ගැම්ම එන්නෑ රජාටත්
ඕනේ නෑ උඹ යන්න උන් ටික
බලන්නට කඳුලැල් දරන්
උන්ගේ අම්මලා පහේ බස්සෙකේ
ඒවි බත්ගෙඩි තදකරන්


කටුස්සා....

ප.ලි.-
විශේෂ ස්තූතිය.
පින්තූරේ හොයලා දුන්න වේසකයටයි , කමියටයි.

32 comments:

  1. අම්මට.. පිංතූරේ හොයල දුන්නට ලියුම මෙච්චර ආතල් කියල දැනං හිටියේ නෑනේ ..

    ප.ලි.. නිකමට වත් පබ්ලිස් කොරපු එxට ඉස්තූති කරන්නේ නැතෙයි???

    ReplyDelete
    Replies
    1. එයාට ස්තූති කලොත් මැරනවා කියලා තර්ජනය කරලා තියෙන්නේ බං. නිකන් මොකටද මැරුම්කන්නේ

      Delete
    2. මොකද්ද ඒ හරුපේ? මැරෙනවා කියන උන් මරනවාද? දැන් කවුද මැරෙන්නේ??

      Delete
    3. බයටම වචනත් ටැපලෙනවා. මරනවා කියලා කියන්නේ. ආචාරශීලී වෙන්න ගිහින් නිකන් මැරුම්කන්නේ මොකටද?

      Delete
  2. පාදඩයාණනි, ඔබේ පිපාසය..... සංසිඳවෙන්නේ හත අටක් මළාමද?.... හත අටක් මළාමද?....

    ReplyDelete
    Replies
    1. මලමිනියක් හම්බුනොත් වැඩේ ගොඩ . සයිටම් වැහුවා අනිද්දම

      Delete
  3. GMOA එකේ එවුන්ට බැරිද මාරාන්තික උපවාසයක් කරන්න?

    ReplyDelete
    Replies
    1. අප්පච්චිත් නැති එකේ ලෙමන්පෆුයි තැඹිලි වතුරයි ගෙනිහින් දෙන්නේ ඔයාද?

      Delete
  4. එල පෝස්ට් එක බං.

    ReplyDelete
  5. එල මචෝ එල ද බ්‍රා ..
    ඌ ගැන &(@%$#&(-

    ReplyDelete
  6. //උන්ගේ අම්මලා පහේ බස්සෙකේ
    ඒවි බත්ගෙඩි තදකරන්//
    ++++++

    ReplyDelete
  7. ඔන්න ආයෙ ස්ටයික් කරනවලු......... හෙට අනිද්දා තීරණේලු...........

    ReplyDelete
    Replies
    1. කරන්න එපැයි.... නැත්තන් බඩේ පාරනේ

      Delete
  8. **********විප්ලවයේ ගීතය*********
    ශාන්තිනී යකඩ කඩං අපි ඇතුලට යං
    ඇතුල් වෙලා ඩෙගා නටමු අපිත් චන්දිරන්
    අමාත්‍යංසේ ගිනි ඇවිලී අන්න නැගෙන දුම්
    ශාන්තිනි ගිනි තියන්න තව තැනකට යං //
    අතට පයට තිරුවානා ගල් බර වීමෙන්
    නුඹේ මුහුණෙ ලේ දකින්න ආසාවකි දැං
    බියේ සැලෙන ඔය ගල් ගෙඩි මොටද ඔය තරං
    විසි කරල කුඩු වෙන්නට දැම්ම ගසාපන්
    ශාන්තිනී යකඩ කඩං අපි ඇතුලට යං
    සියල් නීති උසාවි වැඩ ඔබ ආපසු ගන්න
    මහත්වරුනි මිනී දෙකක් විතරක් මට දෙන්න
    අධ්‍යාපනේ පොත වහන්න අපිට උදව් දෙන්න
    මහත්වරුනි මිනී දෙකක් විතරක් මට දෙන්න
    ශාන්තිනී යකඩ කඩං අපි ඇතුලට යං... //
    ගායනය - ඇකා
    සංගීතය - අන්තරේ
    ගී පද - පාදෙනිය

    කව්ද යකෝ මගේ නම වෙනස් කරේ. හැක්

    ReplyDelete
    Replies
    1. හරි කියහන්...ඒ නම ලස්සන නැද්ද?

      Delete
  9. //උන්ගේ අම්මලා පහේ බස්සෙකේ
    ඒවි බත්ගෙඩි තදකරන්//

    තේරුම් ගන්න මිට වඩා තව වචන නැ.....
    Superb..!!

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට කියන්නේ ළමයි හදලා උන්ගෙන් කිසිම දෙයක් බලාපොරිත්තුවෙන එක වැරදියි, එහෙම බලාපොරොත්තු වෙනවනම් නොහදා නිකන් ඉන්න තිබුනා කියලා. හරි ලේසි තර්ක.

      Delete
  10. කටුස්ගේ දේශපාලන නිර්මාණ වල තියෙන්නේ අමුතුම හැඩයක්. අනික් දේශපාලන ලිපි ලියන බ්ලොග්කරුවන් වචන දාහකින් ලියන දේ කටුස් පොඩි කවි පන්ති හතර පහකට ගොනුකරනවා. ඒක කටුස්ගේ දක්ශතාවය. ඒත් දුර්වල කමනම් රටේ කප්පරක් ප්‍රශ්න තියාගන හැකියාවෙන් ප්‍රයෝජන නොගෙන එකම රාමුවක් ඇතුලටවෙලා (ආදරය) නිර්මාණකරනයේ යෙදීමයි. අනික ඉස්සර වගේ නෙමෙයි. බ්ලොග් එක පාලුවට යනවා වැඩියි දැන්

    ReplyDelete
    Replies
    1. අගය කිරීමටනම් බොහොම ස්තූතියි මචෝ. චෝදනාවටනම් උත්තරේ මම කීප තැනකම ලියලා ඇති. මේ වේසපාලනය මහ ජරාවක් මට. ඒ නිසාමයි මම ඒකගැන උනන්දු නොවෙන්නේ. බ්ලොග් ලියලා කියවලා ඔලුව සැහැල්ලු කරගන්නවා මිසක ඒවා කල්පනාකරලා ඔලුව විකාරකරගන්න ඕනෙම නෑ මට. හැබැයි මේ සයිටම් අවුලනම් මල විකාරයක් මට. බළල්ලු ලවා කොස් ඇට බාවන කාලකන්නි හැදිගෑවිලම පල කියන මතයේ තමයි මම ඉන්නේ. ඒ නිසාමයි මේක ලිවුවෙත්.

      Delete
  11. කියන්න වචන නෑ කටුසු .... සුපිරියි ....

    ReplyDelete
  12. ලංකාවේ යමක් ලැබෙන්න නම් අනිවාර්යෙන්ම කව්රුහරි ජීවිතවලින් වන්දි ගෙවන්නම ඕන.
    මට තේරෙන එකම දේනම් ඕක තමයි . ඔය සයිටම් මගුල වහන්නත් මිනියක් ඕන වෙලා තියෙන්නේ පාලකයන්ට

    ReplyDelete
    Replies
    1. මම ඉන්නේ ඕක වහන්න ඕනේ නෑ කියන මතේ මචෝ

      Delete
    2. http://snimalka.blogspot.com/2017/07/blog-post_4.html
      ඔය තියෙන්න මම ඔය වසංගතය ගැන ලිව්ව පොඩි සටහනක්

      Delete