Wednesday, April 19, 2017

බාඳුරා


අහස සඳ තරු හිරුත් පසකින් සිතුවිළිත් ඇත පැටලිලා
සිතේ දිය රළ රළපනාවේ වැදී පෙනකැටි විසිරිලා
කණ කෙකිනියකගේ ඇසේ කඳුලින් කුමුදු මල් පෙති මැලවිලා
රැඳෙනු බැරි දුක් වාන් දැමුවා නෙත් සොරොවුවෙන් පිටවෙලා

හීන මවමින් කඳුත් පරයා දුකක් ගැන නොසිතුව නිසා
හිතත් මෙලෙසින් ගතුකියයි අද නොතිබ්බට පොළවේ දෙපා
ආදරය නොහඳුනන හිතකින් ලැබුන ආලයේ ගිනි කකා
ලිහිනියොත් ගොලුවුනා රැයෙහිම උලලේනි ගී සුබ නිසා

නටුව මත කටු සිහිනොගෙන මල සිඹින්නට සිතුවත් එදා
කටු ඇනී ලේ ගලනවිට මල හිනාවුණි පෙරටත් වඩා
ලේ ගලන ගත දුන් රිදුම් මල සිනහ පාමුල පොඩි නිසා
තරු බැලුම් ලඟ සිත් රිදුම් මැද හිනාවුණි ලේ ගල ගලා

-කටුස්සා-



21 comments:

  1. වාව්. . . සුපිරියට පද ගලපා ලිව්ව අපූරු කවියක්.
    මූනු පොතේ ඉන්නවා නම් වළාකුළු අතර කියලා ගෲප් එකක් තියෙනවා ඒකේ පල කරන්න.
    එතන ඉන්නවා ගොඩක් කවි කිවිඳියෝ
    සිරාවට නියමයි !

    ReplyDelete
    Replies
    1. ආදරේ කියන විෂයෙදි ඔහොම්මයි බන්ස්.
      ඒක විඳින කාලේ දි අපි ඇවිදින්නේ වළාකුලු අතර
      මහපොලොවේ පය ගහලා නෙමේ ඉන්නේ.
      කඩා වැටුනු දවසට තමා රඟේ තේරෙන්නේ . .

      Delete
  2. මේ වචන, පද ගැළපීම් මරු කටුසු. "කණ කෙකනිගේ" කියන තැන තාලෙට පොඩි බාධාවක් වගේ දැණෙනවා. ඒත් කවිය පුරාවට තාලයත් එක්ක යන ලස්සන නිර්මාණයක්.

    ජයවේවා!!!

    ReplyDelete
  3. මේක මරු. කවියකට වඩා සිංදුවකට තමා හොඳ.

    ReplyDelete
  4. මේක මරු. කවියකට වඩා සිංදුවකට තමා හොඳ.

    ReplyDelete
    Replies
    1. උඹ දෙක දෙක දාන්නෙ කම්මලයගේ තනියටද?

      Delete
    2. අපි යන්නේ කොයි පාරේ ,කම්මලයා ගිය පාරේ

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. හරිම ලස්සන කවි පෙලක්

    ජයවේවා!!

    ReplyDelete
  7. විරහ ගී වගේ ඒවමයි මේ කටුස්ස ලියන්නේ. තනිකම වැඩියි වගේ.

    ReplyDelete
  8. මේ උඹ කවදාවත් කසාද නොබැද හිටපං , මෙතන දෙකක් දාගත්ත වෙලාවට ගත්ත ගෑනිට සංසාරෙ එපාවෙනකම් උලලේන වගේ විරහ කවි කියයි.
    ( උඹට ඒ වෙලාවට මතක් වෙන්නෙම විරහවනෙ )

    ReplyDelete
  9. මේ උඹ කවදාවත් කසාද නොබැද හිටපං , මෙතන දෙකක් දාගත්ත වෙලාවට ගත්ත ගෑනිට සංසාරෙ එපාවෙනකම් උලලේන වගේ විරහ කවි කියයි.
    ( උඹට ඒ වෙලාවට මතක් වෙන්නෙම විරහවනෙ )

    ReplyDelete
    Replies
    1. මෙන්න රියල් කම්මල ආයෙමත් ඇවිත්. ජයවේවා!!

      Delete
    2. අම්මේ මොකෝ බං මෙච්චර කල් කලේ , මම මේ උඹේ තනියට දෙක දෙක දදා හිටියා මෙච්චර දවසක්

      Delete
    3. ජයවේවා ..!!
      මාත් දැක්ක උඹ' "දෙක"' දාගෙන ඉන්නව දැකල කට්ටිය "පල්" කරල තියනව

      Delete
  10. මටත් දැනුනේ මේක කවියක් වගේ කසුටු

    සබරේ

    ReplyDelete
  11. හැමදාම වගේ හිත අවුලෝපු කවියක්

    කසුට්ටෝ දැන් විරහ ගී ලිව්ව ඇති.ලියමුකො නැගල යන පේම ගීයක්

    ReplyDelete
  12. හරිම අපුරුවට පද ගලපලා.. විරහව බේරෙනව හැම අකුරකින්ම...

    ReplyDelete
  13. කටුස්,
    දැන් ඇඩ්හුව මදැයි...

    ReplyDelete