Wednesday, October 26, 2016

මටත් හිතයි එන්නට සඳ රැස් අතරින්....



සුදුම සුදු කෙල්ලෝ මැද
කලුම කලු කෙල්ල උඹ
ඒ උනත් මට වඩා
සුදුම සුදු මල් පොකුර

මට කෙලින් මේසයේ
හැමදාම වාඩිගන
නළල රැලි වෙනකම්ම
අ'සයිමන්ට් කරන නුඹ
වෙතම නෙතු යොමනු මිස
වෙන කුමක් කරන්නද

රැලි වැටුන කෙහෙරැල්ල
ක්ලියෝපැට්‍රා නහය
ඇස් දෙකේ උලාගත්
පාට පෙට්ටියේ පාට
මිරිකුවොත් රතු වෙතැයි
සිතෙන නුඹේ කොපුල්තල
යස්සනියෝ පරදවන
නේක පැහැ නිය මඩල
ලෝගුවට යටවිච්ච
අනික් ටික මවනු මිස
නිදිමතේ සිටින මට
වෙන කුමන වැඩක් වෙද
ඒ උනත් තවම මට
මවාගනු නොහැකිවුන
අබායට නොවැසෙනා
ලොකුම ලොකු නුඹේ පස්ස
කවදනම් මවන්නද

ඉඳහිටක එසවෙනා
නෙත මාව දකිනවිට
නුඹේ මුව මත ඇඳෙන
හිත පිරෙන සිනහ මල
දවසකට දෙක තුනක්
ලැබුන්නැත්තන් මෙමට
කෑවේ නෑ වගේ වෙයි
සත් දිනක් එක දිගට

නික්මයන විට ලඟට
පැමින සුභ පතන විට
අඩි දෙකක් පසු පසට
යන්නේ මම නොදැනීම
නුඹේ දිග යක් නියට
අඩි දෙකට වඩා උස
උල්ම උල් කකුලකට
යටවෙලා මියයැතැ'යි
දැනෙන බියකට මිසක
නුඹේ අත අල්ලන්න
බියක් ඇති නිසා නොව

කටුස්සා....

42 comments:

  1. මේ මනුස්සය නිදිමතේ යකින්නයක් දැකල.

    බොන එක ගානකට බොන්න කියන්නෙ ඕක තමයි. හැක්..

    ReplyDelete
    Replies
    1. ඒකී යකින්නක්ම තමයි බං. බීලා යන නිසා තමයි බයනොවී ඉන්නේ.නොබී ගියානම් එහෙම තොවිල් නටන්නත් වෙනවා

      Delete
  2. ලොකු පුක මැවිල පේනව.
    ඔන්නොහෙ වැලක් ඇදල නිදාගනින් බං.

    ReplyDelete
    Replies
    1. අයිඩියාවට තැන්කූ ඇනෝ....

      Delete
  3. ම්.. ලස්සනම ලස්සන කටුස්සියක් වෙන්න ඇති. හැක්....

    ලස්සනයි කටුසු නිර්මාණය.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ලස්සන ඉක්කොම ඉවරයි මේක්-අප් හේදේන්න වතුර බාල්දියක් ගැහුවනම්...

      Delete
  4. නිදිමත වැඩි උනාම ඔය වගේ හීන පේනවා :)))

    ReplyDelete
    Replies
    1. අපි හීන බලන්න උදේට නිදියනවා...

      Delete
  5. හොඳ ලස්සන හලාල් කටුස්සියෙක් වගේ......

    එල එල...

    ReplyDelete
    Replies
    1. කවුද මන්දා කියලා තියනවා (තෝල්ස්තෝයිද කොහේදෝ) මේ ලෝකේ කැත ගැහැණු නෑ.ඉන්නේ ලස්සන වෙන්න දන්නේ නැති ගෑණු විතරයි කියලා...

      Delete
  6. ''ලෝගුවට යටවිච්ච
    අනික් ටික මවනු මිස
    නිදිමතේ සිටින මට
    වෙන කුමන වැඩක් වෙද''

    ආසම කෑල්ල

    ReplyDelete
    Replies
    1. කෙල්ලෙක්ව ඉස්සර තියාගන නිදිමරහන්කෝ දවසක් මොනවද හිතෙන්නේ කියලා දැනගන්න

      Delete
    2. කෙල්ලෙක් ඉස්සර තියාගෙන නිදි මරන්ඩ හිතෙනේ නෑ කටුසු ...
      එකිත් එක්ක නිදා ගන්ඩ හිතෙනවා නොවේ.

      Delete
    3. උඹලැයි කැත හිතනේ ඉතින්.මේ කපේදී හැදෙයිද ඕවා....

      Delete
    4. මෙව්වා කැත කතා නෙවේ කටුසු ලස්සන කතා

      Delete
  7. බොහොම කාලෙකින් ඇවිත් එහෙ කෑල්ලක් ගැන කියලනෙ. ලංකාවට එනකොට එක්ක එනව එහෙම නෙවෙයි හරිය?

    ReplyDelete
    Replies
    1. අච්චර කෙල්ලෝ ගොඩක් මැද්දේ ඉඳගන ඉදලත් යාලුකමට කියලවත් කෙල්ලෙක් සෙට්කලේ නෑ. දැන් මෙහෙන් එකක්වත් සෙට්කරගන්න යනකොට ඒකටත් වලකපනවා.යකෝ මේකා.....

      Delete
    2. අති ජාත එවුන් ඔහොම්මමයි

      Delete
  8. බලාගෙන උඹව හංග ගනියි.

    ReplyDelete
    Replies
    1. මම මේ කල්ප්නාකරන්නේ එයා එහෙම කරන්න හැදුවොත් හා... හා... කියලා හැංගෙන්නද, බෑ... බෑ... කියලා හැංගෙන්නද කියලා....

      Delete
    2. බෑ..බෑ කියලා හැංගුනාම අගේ වැඩියි. උඹ දන්නෙ නෑ ඔය ස්ත්‍රීන්ගේ මායම්. උන් හරි සුන්දරයි බං අපේ ට්‍රැක් එකට දාගත්තාම. ඒකට අපි අවංක වෙන්න ඕන. කිසි වරදකට තරහා වෙන්නේ නැති වෙන සයිස් එකට ආදරේ කරන්න ඕන.

      Delete
    3. හරි...හරි... දැන් මම මේක අවංකව කරන්න ගිහින් බෙල්ල කපාගන්න උනහම ඔයා එනවනේ මාව බේරගන්න...

      Delete
  9. මෝල් කලන්තෙ ඉහට ගැහුවහම ඔහොම තමා ...

    ReplyDelete
    Replies
    1. හම්ම්ම්ම්... ලංකාවට ආපු වෙලාවක මමත් ඉන්නේ අර උඹ දාපු තැනින්ම හිසකුඩිච්චියක් දාගන්න මෝල් කලන්තෙට

      Delete
  10. ලස්සන නිර්මානයක් ජයවේවා.

    ReplyDelete
    Replies
    1. මොන ලස්සනක් ද ඕකගේ වලත්තකම........ ආයෙම කියවලා බලන්නකෝ........

      Delete
    2. කටකාරී-
      ඔය එක එක ඊරිසියාකාරයෝ කියන ඒවා ගනන්ගන්න එපා අනේ.

      කුරුටු-
      ශෘංගාර රසය යකෝ...

      Delete
    3. ශෘංගාරය නං ඉතිං පස්සවල් ගැන කියන්න ඔ්න යෑ ..........

      Delete
    4. කරන්න කිසිම වැඩක් නැතුව ඉන්න වෙලාවට ,සීට් එකෙන් නැගිටලා යන්නත් බැරිනම් මම කරන්නේ මෙයාගේ මුන, හයි හීල්ස් දාගනම ඉඳලා එයාගේ කශේරුකාවට මොනවා වෙලා ඇද්ද ,අබාය  ඇඳන් ඉන්නකොට මෙහම පේනවනන් ඊක නැතුව ඉන්නකොට ඔය පස්ස කොහොම ඇද්ද, මේ නියපොතු පාටකරන්න කොච්චර වෙලාවක් යන්න ඇද්ද, මේකි මෙච්චර සුදුවුනේ කොහොමද වගේ ඒවා කල්පනාකරන එක තමයි.වෙලාව යනවා තේරෙන්නේ නෑ බං

      Delete
  11. කටුස්සට කවියක් ලියන්නම හිතුනා කියන්නේ ඉතින් එතනම ලොකු ස්පෙශල් එකක් නේ.

    ReplyDelete
    Replies
    1. ඉගනීමට එච්චර උනන්දුවක් තියන කෙල්ලෙක් දැක්කමයි. බැළුවොත් ලයිබ්‍රරියේ

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  12. ඔය පස්ස හරියට චෙක් කරලාම වැඩේට බැහැපං.... බැරි වෙලාවත් වැඩේ මැදහරියට ගිහින් බලද්දි ඒක තිබ්බේ නැත්තං එහෙම...... උඹට අපරාදේ කියලා හිතෙයි....... හැක්

    ReplyDelete
    Replies
    1. උඹලා පෙත්සමක් අත්සන්කරන්න ලෑස්තිකරලා, උද්ඝෝශනයක් සංවිධානය කරලා එහෙම මට කියපන්කෝ. මම එතකොට බහින්නම් වැඩේට. වැඩේ ගැස්සුනොත් උඹලටත් කියන්න බැරියැයි "ඔය බෙල්ල කපන්නේ අපි අදුරන එකෙක්ගේ" කියලා

      Delete
  13. අනේ අනේ කටුස්සෝ... :) :) නියපොතු දිගට වවන්න ඉන්න අය දැක්කම මටත් බය හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. මටත් පෙන්නන්නම බැරි දෙයක්... මල ජරාව...ඊට වඩා බය හිතෙන්නේ අර දාගන ඉන්න අඩි දෙකක් විතර උස හයි හීල්ස් දෙකට.ඒකෙන් ඇනලා මිනිහෙක්ව මරන්න පුලුවන්

      Delete
  14. වැස්ස නැති නිසා හොඳයි.බැරි වෙලාවත් වැස්සට අහු උනොත් උඹේ කටින් පිටවෙන්නෙ 'තලාක්..තලාක් තලාක්...!!!'

    (මරු කතරට දිය පොදක් ඉහින්නට...... ඩිං ඩොං ඩොං ඩිං ඩිං....සිත නිවන කතා)
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මම හිතන් ඉන්නේ දවසක වැරදීමකින් උනාවගේ ෆයර් එක්ස්ටින්විශර් හෝර්ස් එක අල්ලන්න හේදිලම පල කියලා..

      Delete
  15. ලස්සනයි කසුටු .... ඒත් මඩ ගොඩක් වැදිල නේද

    ReplyDelete
    Replies
    1. පුරුදු වෙන්න මඩ කන මිනිහෙක්ද බං මම... කිහේද බං ගිහින් හිටියේ

      Delete