Sunday, June 12, 2016

Here is my heart you can teke it.....


දැන්නම් ඇති ඕනෙම නෑ
කවදාවත් ආපහුනම්
බඳිනවා ලොකු තාප්පයක්
සුළඟක්වත් නොම එන්නට
නාරිලතා මල් පොකුරක....

මංගල කිංකිණි, මංගල සීනුව
කපු ඇන්ටිලා , කපු මාමලා
ඒ මදිවට...
නුමුහුන් පෙලපත, නැට්ට කපා ඇති
පනුවොත් හලලා කෑමට හුරු ඇති...
මොන ලැජ්ජාවක්ද ඒක
මටනම් බෑ....මල ජරාව....
බුලත් ගන්න හෙප්පුවකින්
ඇඹරි ඇඹරි එනකොට ඇය
හීනෙන්වත් හිතුවද මම
ඒ කාලේ ඔය විදිහට...

බඳින්නේ නෑ තාප්පයක්
එනවානම් වරෙන් උඹලා
හැබැයි ඔන්න මටනම් බෑ
මල් කඩන්න හැම තිස්සෙම
කවි ලියන්න ඔය මුහුනට
අත අල්ලන් රට වටේට....උඹත් එක්ක ඇවිද යන්න
උඹ ඇවිදින් මල් කඩපන්
පෑණ අරන් කවි ලියපන්
රට වටේට නොයා හිටං....තුරුල්වෙලා ලඟ හිටපං....

කියන්නෙපා ආයෙත් මට
නොකිවුවාය කියලා ඔන්න
රෙද්ද අස්සේ රිංගාගන
හැන්ගුනොතින් තවත් ඔන්න
දුක හිතේවි ගොඩක් උඹට
මහනවුනොත් මම හෙට දින....

කටුස්සා....

22 comments:

  1. මහන උනොත් මූ දවසක
    සාසනයත් ඉවර කරයි
    ඒ හින්දා රෙදි ‍ගලෝන
    එන එකියක් වර හනිකට

    අගෙයි කවි ටික.

    ReplyDelete
  2. මල් කඩන්නෙ නෑ කියුවට
    මල් කඩාවි හොය හොය හරි
    කවි ලියන්නෙ නෑ කියුවට
    නිකන්ම කවි ලියවෙනකොට
    එපා කියා නවත්තයිද
    අත් අල්ලන් රට වටේට යන්නට බෑ මූ කියුවට
    රට වටේට නෙවෙයි මේකා
    ලෝකෙ වටේ රව්ම් යාවි.....
    මොකෝ නාමෙ කටුස්සානෙ පාට මාරු වේවි සැනින්




    වෙනද වගේමයි....කියල වැඩක් නෑ අපූරුයි....

    ReplyDelete
  3. මං බදින වයස තවම දන්නෙ නැද්ද මවුපියෝ
    මගෙ රූපෙ දැකලා කෙළ ගිලීවි මේ ගමේ ලියෝ
    අම්මපා මේ ගමේ ලියෝ

    බෝ ඔමරි ගොමරි දාපි ලියෝ අල්ල ගන්ඩ මං
    මගෙ රූපෙ දැකලා උන්
    තව කිව් එකේ ඉදන් පොරකයි තරුණ මැද්දියෝ
    නැතිදා මැරෙයි වළේ හැපීලා මේ ගමේ ලියෝ
    මැරේවි මෙ ගමේ ලියෝ

    උන්ගේ දැලේ වැටෙන්නෙ නැහෑ මේ වැලන්ටිනෝ
    මේ රූඩොල්ෆ් වැලන්ටිනෝ
    අනුකම්පා නැද්ද චූටි බබෝ මේ බලන්ඩකෝ
    නැතිදා මැරෙයි වළේ හැපීලා මේ ගමේ ලියෝ
    මැරේවි මෙ ගමේ ලියෝ

    ආසා හිතෙන්ඩ දාගෙන යමු ලව් කතන්දරේ
    මගෙ අහස් යන්තරේ
    අපි පාක් එකේ වෝක් කරමු රත්තරන් කොටෝ
    නැතිදා මැරෙයි වළේ හැපීලා මේ ගමේ ලියෝ
    මැරේවි මෙ ගමේ ලියෝ

    මං බදින වයස තවම දන්නෙ නැද්ද මවු පියෝ
    මගෙ රූපෙ දැකලා කෙළ ගිලීවි මේ ගමේ ලියෝ
    අම්මපා මේ ගමේ ලියෝ

    ගායනය – බර්ට්‍රම් ප්‍රනාන්දු
    ගීත පද – පී. එල්. ජේ. නන්දනකීර්ති
    සංගීතය – බී. එස්. පෙරේරා

    ReplyDelete
  4. මහන වෙන්න නම් එපා සහෝ

    ReplyDelete
  5. මචං කටුසු ඔය ඇත්තමද ?

    ලස්සනයි.
    ජයවෙවා!!!



    ReplyDelete
  6. පපු කැවුත්ත කීං ගෑවා...මෙව්වා අපට හොඳ පාඩම්..hikz

    ReplyDelete
  7. මුකුත්ම නොකියමි...

    ReplyDelete
  8. දැං ඉතිං ඇරබික් වලිං කවි ලියන්න පුරුදුවෙයං ....

    ReplyDelete
  9. කටුසු තෙමේ ලියන්ට කියන්ට නිදහස් වෙලා වගේ.. ඔහෙ හොඳයිද ඉතිං.
    අයියෝ... මක්කැයි මේ කියන්නෙ. ඉන්ට ඉන්ට.... මහ බබා කොටපු කෙනාම හම්බෙන්නත් එපැයි දෙයියනේ

    ReplyDelete
  10. හපොයි...
    ජයවේවා..!!

    ReplyDelete
  11. අනේ උඹ මහණ වෙන්න එපා මචං........ අට පිරිකර දෙක දෙක තමා පූජා කරන්න වෙන්නේ...... හැක්

    ReplyDelete
    Replies
    1. නම පිරිකර. ඇඩ් රොකට් විත් මාතලං. හැක්..

      Delete
    2. මුට නායක පදවියක් නම් ගන්ඩ පුලුවන් වෙයි එකෙම්ම.....:D

      Delete
  12. විදෙස් ගතවී කටුස්සා කෙලින පිස්සු .........යකෝ උඹව ආපහු හරවල එවයි බොල...හැක් හැක්..

    ReplyDelete
  13. හපොයි කටුස්සෝ අපි වගේම අරාබියටද ආවේ...

    ReplyDelete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. මොකක්හරි සීන් එකක් වෙලා තියෙනවා....

    ReplyDelete
  16. take it කියල ලිව්වා නම්.

    ReplyDelete
  17. මං හිතුවේ ඉංග්‍රීසි කවියක් ලියල කියල title එක දැක්කම. ඔන්නොහේ බැඳපන් මල්ලි.

    ReplyDelete
  18. නිර්මාණි කියන්න ඕන දේ කියලා තියෙන්නේ ....

    නියම පදපෙළ කටුසු !

    ReplyDelete